ඇමෙරිකානු ජාතික සූරතාවලියක අවසන් තරගයට ලංකාවේ පැටික්කියො දෙන්නෙක්

Date:

ශ්‍රී ලංකාවේ හිටපු මේස පන්දු ජාතික සූරයෙක් වන තිළිණ පියදාසගේත්,ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩිකාවක වූ රිෆ්කා කාමිල්ගෙත් දියණිවරුන් වූ ටාෂියා පියදාස සහ ටියානා පියදාස ඇමෙරිකානු ජාතික මේස පන්දු සූරතාවලියේ දී අවුරුදු 13 න් පහළ අවසාන තරගයට පිවිසීමට සමත් විය.එහිදී ටියාෂා සිය නැගණිය වන ටියානා පරාජය කරමින් අවුරුදු 13 න් පහළ ජාතික සූරිය වුවාය.තරගාවලියට පිවිසි ක්‍රීඩිකාවන් අතර ටාෂියා අංක එකට වර්ගීකරණයේ රැඳුණ ද කුඩා ටියානා හිටියේ අංක 15 ට ශ්‍රේණිගතවය.ඒ නිසා ඇයගේ අනු සූරතාවය පියවර ගණනාවක පිම්මක් ලෙස නිර්වචනය කිරීමේ වරදක් නැත.

ටාෂියා මෙම ජාතික සූරතාවලියේ අවුරුදු 15 න් පහළ අවසන් තරගයට ද පිවිසෙන්නට සමත් වූ අතර ඇය එහිදී ද අනු සූරිය වෙන්නට සමත් වූවාය.ටාෂියා ද අවුරුදු 15 න් පහළ තරගාවලියේ අංක 8 සිට අනු සූරිය දක්වා ඉහළ නැංගාය.ඇය අවුරුදු 19 න් පහළ ඇමෙරිකානු වර්ගීකරණයේද මුල් විස්ස අතර රැඳෙන්නීය.
ටියානා අවුරුදු 13 න් පහළ අනු සූරතාවයට අමතරව අවුරුදු 11 න් පහළ කාන්කා යුගල සහ මිශ්‍ර යුගල අනු සූරතාවයන්ට ද දායක වූවාය.ටාෂියා අවුරුදු 13 න් පහළ සහ 15 න් පහළ ජාතික සංචිතවලටත්,ටියානා අවුරුදු 13 න් පහළ සහ 11 න් පහළ ජාතික සංචිතවලටත් සුදුසුකම් ලැබීය.දෙදෙනා තිළිණ පියදාස යටතේ ද මෙන්ම Tuan Le සහ Helen Le ගේ පුහුණු අධික්ෂණය යටතේ ක්‍රීඩා කරයි.ඔවුන්ගේ අනුග්‍රාහකයන් ලෙස Bowmar Sports Butterfly North America සහ Latin America කටයුතු කරයි.ප්‍රධාන ඡායාරූපයේ දැක්වෙන්නේ ටාෂියා (උපැස් යුවල පැළද) සහ ටානියා රිෆ්කා සහ තිළිණ සමඟ ජයග්‍රහණයෙන් අනතුරුව ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවයි.සෙසු ඡායාරූපවලින් දැක්වෙන්නේ ඔවුන් අයත්වන ඇමෙරිකානු එක්සත් ජනපද වයස් ඛාණ්ඩ ජාතික සංචිතවල සාමාජිකයන් සමඟ ටාෂියා සහ ටියානා ඡායාරූප සඳහා පෙනී සිටි අයුරුයි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...