හිටපු කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත්ගෙන් මහජන විමර්ෂණ කමිටුවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ණය පාලනය පිළිබඳව විමර්ෂණ වාර්තාවක් මාස 03 ඇතුළත ඉදිරිපත් කරනවා  මහාචාර්ය චරිත හේරත් කියයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරන ඒ මහතා,

“පාර්ලිමේන්තුව විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කළ මූල්‍ය කළමනාකරණය සොයා බැලීමේ පාර්ලිමේන්තු කාරක සභාව මේ වන විට විහිළුවක් බවට පත් වී තිබෙනවා. විපක්ෂයේ සාමාජිකයින් විසින් ඉවත් වී එය සම්පූර්ණයෙන්ම පොහොට්ටුවේ කාරක සභාවක් වී තිබෙනවා. රටේ ජනතාව පාර්ලිමේන්තුවම ප්‍රතික්ෂේප කරමින් සිටින මේ කාලයේ මෙවැනි විහිළු කාරක සභා පත් කිරීමෙන් සිදු වන්නේ සමාජයේ තරහ තවත් වැඩිවීමයි.

රටේ ආර්ථික කළමනාකරණය හා රාජ්‍ය ණය පාලනය ගැන විශේෂ විමර්ෂණයක් සිදු කිරීමට මම කෝප් කමිටු සභාපතිවරයා ලෙසින් 2022 ජූලි 04 දින තීරණය ගත්තා. 2022 ජූලි 09 දින රටේ සිදු වූ තත්වයත්, ජූලි 20 දින නව ජනාධිපතිවරයෙකු ලෙසින් රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමත් නිසා ඒ වැඩේ සම්පූර්ණයෙන් අඩාල කෙරුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙසින් මුලින්ම කළේ අපේ කෝප් කමිටුව විසුරුවා යන පරිදි පාර්ලිමේන්තුව කල් තැබීමයි. ඒ නිසා ඒ විමර්ෂණය යට ගියා.

අද මම මෙම පුවත්පත් සාකච්ඡාවේ ප්‍රකාශ කරන්නේ ඒ යට ගැසූ විමර්ෂණය ඉදිරි මාස 03 කාලයක් තුළ මාගේ මූලිකත්වයෙන් සිදු කිරීමට පාර්ලිමේන්තුවට පිටින් බලාපොරොත්තු වන බවයි. මහජන විමර්ෂණ කමිටුව (People’s investigation Committee) ලෙසින් එය සිදු කිරීමට මා බලාපොරොත්තු වෙනවා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශකීරාගේ නමින් කැස්බෑ පොසිලයක්!

සටහන – පුලී නොවැම්බර් 22, කොළඹ (LNW): කොලොම්බියානු පාෂාණ විද්‍යාවේ...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළට. මුදාගැනීමේ මෙහෙයුම අවසන්

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ අද (22)...

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු හැඟවීම් නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන්...