කරූගේ මැදිහත් වීමෙන් දුම්රිය වැඩවර්ජනය නවතී. ඇමති බන්දුල කියූ ලිපිත් ඉල්ලා අස්කර ගනී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජුලි 09 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් විසින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර තිබේ.

හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ මැදිහත්වීමෙන් ඒ මහතාගේ නිලනිවසේදී, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ වෘත්තීය සමිති අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී එළඹුණු එකඟතා අනුව මෙසේ වැඩවර්ජනය අවසන් කර ඇත.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.

සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය සමිති නායකයින් මාධ්‍ය වෙත සඳහන් කළේ තම ඉල්ලීම් 14න් 6ක් ඒ ආකාරයෙන්ම ලැබුණු බවත් සෙසු ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා මැදිහත් වී විසඳුම් ලබාදීමට පොරොන්දුවක් ලැබුණු බවත් ය.

එසේම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ වැඩවර්ජනයේ නිරතව සිටි සේවකයින් සේවය හැර ගියා සේ සලකන බව පවසමින් ඊයේ දහවල් නිකුත් කළ ලිපි සියල්ල ඉවත් කරගන්නා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...