බයිඩන්ගේ දිව පැටලේ , කමලා හැරිස්ට වැරදීමකින් ‘උප ජනාධිපති ට්‍රම්ප්’ කියයි

සටහන : සශිකලා මධුෂාණි,
ජුලි `12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් සත්කාරකත්වය සපයන 75වන නේටෝ සමුළුව අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වන ලද ජනාධිපති ජෝ බයිඩන් වැරදීමකින් උප ජනාධිපති කමලා හැරිස් වෙත උප ජනාධිපති ට්‍රම්ප් ලෙස සඳහන් කර ඇති බව වාර්තා වේ.

මාධ්‍යවේදියකු විසින් කමලා හැරිස් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන්නේ නම් ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමට ඇති හැකියාව පිලිබඳවා බයිඩන්ට කනස්සල්ලක් ඇත්දැයි විමසා තබූ අතර ඊට පිළිතුරු වශයෙන් බයිඩන් සඳහන් කර තිබුණේ, “ඇය ජනාධිපති වීමට සුදුසුකම් නොලබන බව මා නොසිතුවේ නම් උප ජනාධිපති ට්‍රම්ප් උප ජනාධිපති ලෙස තෝරා නොගන්නා” බවයි.

බයිඩන්ගේ දිගින් දිගටම වන අසාර්ථකවීම් කාගේත් කතාබහට ලක්ව ඇති අතර පසුගිය මාසයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති විවාදය හේතුවෙන් බයිඩන්ගේ වයස පිළිබඳ කනස්සල්ල සහ ආර්ථිකය කෙරෙහි පුලුල්ව පැතිරුණු අතෘප්තිය හේතුවෙන් ඔහු ජනාධිපති අපේක්ෂක තරඟයෙන් ඉල්ලා අස්විය යුතු බවට ප්‍රධාන ඩිමොක්‍රටික් පාක්ෂිකයින් කිහිප දෙනෙකුම මේවන විට ප්‍රසිද්ධියේ ම ඉල්ලා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...