විරේන්ගේ ජය ගමනට ජපන් බාධකයක් වැටෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 12, (LNW) කොළඹ:
උතුරු මරියානා දූපත් හී පැවත්වෙන ඩෝව් සයිපාන් ජාත්‍යන්තර බැඩිම්නිටන් තරගාවලියේ සිටි වැඩිම ආකර්ශණයක් දිනූ ක්‍රිඩකයා වූ විරේන් නෙත්තසිංහගේ සූරතාව පිළිබඳ සිහිනය බොඳ කරන්නට 25 හැවිරිදි ජපන් ජාතික රියෝමා මුරමොටෝ ට හැකි විය.

මෙම තරගයේ අංක එකේ ක්‍රීඩකයා ලෙස විශාල පිළිගැනීමකට ජනමාධ්‍ය ආකර්ශණයකට ලක් වෙන්නට විරේන්ට හැකි විය.ඔහු තරගාවලිය නියෝජනය කළ පැරිස් ඔලිම්පික් සුදුසුකම් ලද එකම ක්‍රීඩකයා වීම මෙන්ම පැරිස් ඔලිම්පික් සුදුසුකම ලද ලාබාලතම බැඩිම්න්ටන් ක්‍රීඩකයා වීම නිසා ද ඔහුට මේ දක්වා සිය ජිවිතයේ නොලද ආකර්ශණයක් දිනා ගැනීමට හැකි විය.

ඇතැම් විට ඔහු තුළ තිබුණු ජයග්‍රාහී බලාපොරොත්තුවලට අමතරව පීඩනයක් ඇති කරන මේ ආගන්තුක ජනප්‍රිය ආකර්ශණය ද ඉදිරියේදී ඔහුගේ ජීවිතයට මේ පරාජයට වඩා අවබෝධයෙන් අධ්‍යයනය කර ජයග්‍රහණ එකතු කර ගැනීමට පාර සකස් කළ හැකිය.
මුරමොටෝ මේ තරගය ජය ගත්තේ ලකුණු 21 – 18 සහ 21 – 16 ක් ලෙසය.තර/ව විනාඩි 35 ක කාලයක් පුරා පැවත්විණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...