නවතම IHP සමීක්ෂණ වාර්තාව අනුව අනුර සියයට එකක් ඉදිරියෙන්. සජිත් ළඟ ළඟ සටනක

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පසුගිය මාස ගණනක සිටම සමීක්ෂණ වාර්තා පළ කරන සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) විසින් 2024 මැයි මාසය සඳහා සිය සමීක්ෂණ වාර්තාව මේ වනවිට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව 39%ක ප්‍රතිශතයක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් සිටින අතර සජිත් ප්‍රේමදාස මහතා 38%ක ප්‍රතිශතයක් ලබාගනිමින් දෙවැනි ස්ථානයෙහි පසුවෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී ඇත්තේ 15%ක ප්‍රතිශතයක් වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇත්තේ 7%ක ප්‍රතිශතයක් පමණි.

පසුගිය අප්‍රේල් මාසයේ සමීක්ෂණ වාර්තාව හා සසඳා බැලීමේදී අනුර කුමාර දිසානායක මහතාගේ ජනප්‍රියත්වයෙහි වෙනසක් සිදුව නොමැති අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ජනප්‍රියත්වය 1%කින් පහළ බැස තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනප්‍රියත්වය 2%කින් ඉහළ ගොස් ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනප්‍රියත්වය ඒ හා සමාන ප්‍රමාණයකින් පහළ බැස තිබේ.

කෙසේවෙතත් පසුගිය පෙබරවාරි මාසය හා සංසන්දය කිරීමේදී ජනප්‍රියත්වයේ ප්‍රතිශතයන් විශාල වශයෙන් වෙනස් වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතාගේ ජනප්‍රියත්වය සැලකිය යුතු ලෙස පහළ බැස ඇති බවක් පෙනේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...