මහජන ආරක්ෂාව අවිනිශ්චිතයි පොලිසිය කරන්නේ සංදර්ශනයක් – පොලිසියට ඇතුළෙන්ම ප්‍රහාරයක්

Date:

මේ වන විට රට තුළ ආරක්ෂාව අවිනිශ්චිත තත්වයක පවතින බවත් පොලිසිය සිදු කරමින් සිටින්නේ හුදු සංදර්ශනයක් පමණක් බවත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කරනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර ප්‍රියන්ත ජයකොඩි මහතා 2021 වසරේ විශ්‍රාම යන විට අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

සංවාදයට එක්වෙමින් ඔහු පෙන්වා දෙන්නේ පොලිසියේ ඇතැම් නිලධාරීන්ගේ මානසික තත්වය සහ ක්‍රියාකලාපය පිළිබඳ දැඩි කණගාටුවක් ඇතිවන බවයි.

පසුගියදා ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමට අදාළව මාධ්‍ය ඉදිරිපිටදී සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේ සිදුවීම තමන් කිසිසේත් අනුමත නොකරන බවයි.

එය බරපතළ ප්‍රතිවිපාක ඇති වීම සඳහා හේතුවක් විය හැකි බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 30) දිනයේදී නැගෙනහිර සහ...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ...

කුමන අභියෝග ආවත් ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවාමයි – කොට්ටහච්චි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අසාධාරණ ලෙස විවේචන එල්ල කරන...

සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ...