සෘජුවම ධවල මන්දිරය සමග සබඳතා ඇතිකරගෙන තවත් බදු සහන ලබාගත යුතුයි – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අප රටේ අපනයනවලින් 26.4%ක් යන ගමනාන්තයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය හැඳින්විය හැකි බවත් ඇගලුම් ක්ෂේත්‍රයේ ද 60%ක ගමනාන්තයක් ඇමෙරිකාව වන නමුත් මෙම බදු පැනවීමත් එය 44% සිට 30% දක්වා අඩු වීම හොඳ වුවත් අප සමග අපනයන තරගකාරිත්වය ඇති රටවල් සමඟ සාපේක්ෂාව ලැබූ බදු සහන ගැනත් සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ජපානය 25%ක්, මෝල්ඩෝව 25%ක්, බෲනායි 25%ක්, දකුණු කොරියාව සහ කසකස්ථානය ද 25%ක් සහ ඉන්දියාව 26%ක් දක්වා අඩු කර ගෙන ඇති බවත් අප රට ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් සමඟ සංසන්දනය කළ යුතු බවත් ඉදිරි සති 3 තුළ අති විශේෂ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කළ යුතු බවත් සෘජුව ධවල මන්දිරය සමග සබඳතා ඇති කර ගෙන මේ බදු සහන තවත් ලබා ගත යුතු බවත් රටට හොඳම ගිවිසුම ලබා ගැනීම සඳහා පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සමගි ජන බලවේගය සහයෝගය දෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා මේ බදු නිසා රටට වන හානිය නැති කර ගැනීමට අවශ්‍ය බවත් අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...

රනිල් හදපු විරෝධය! (PHOTOS)

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...

රනිල්ගේ මීළඟ නඩු දිනය ඔක්තෝබර් 29

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති ධුරය දරණ සමයේ ලන්ඩනයේ සිදුකරන...