තවදුරටත් දුක කියල සහන ගන්න බැහැ.ඒ කාලේ ගියා.දැන් ව්‍යාපාර ඇහැකින් බලන්න ඕනේ – නාමල්ගෙන් ආණ්ඩුවට උපදෙස්

Date:

කොළඹ LNW:ඇමරිකානු තීරු බද්ද තවදුරටත් අඩුකරගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරික ඇහැකින් බලා උපක්‍රමශීලිව සාකච්ජා ඇතිකරගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

44% සිට 30% දක්වා අඩුවීම තුළත් ට්‍රම්ප් ජනාධිපතිවරයාට දුක සිතී අඩුකිරීමක් කර ඇති බවත් ආණ්ඩුව ලෙස මාන්සි වී අඩුකරගනිමක් කර නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

”අපි මුල ඉදන්ම කිව්වා ආණ්ඩුව මීට වඩා මැදිහත්වෙලා සාකච්ජා කළ යුතුයි කියලා. ඒවගේම කලාපීය වශයෙන් රටවල් එක්ක එකතු වෙලා යම් තීරණාත්මක තීන්දුවලට එළඹෙන්න ඕනේ. ආණ්ඩුව මේක සැහැල්ලුවට ගත්තා. ලිඛිතව යැව්වා. 14%ක් කලින්ට වඩා අඩුවෙලා කියල ආණ්ඩුව සතුටු වෙනවා. හැබැයි යථාර්තය 30%ක බද්දක් ලංකාවෙන් අයකරල තියෙනවා. මේක සෘජුවම ලංකාවේ ආර්ථිකයට වගේම නොයෙක් ක්ෂේත්‍රවලට බලපානවා.”

මේරඅතර පවතින තත්ත්වයෙන් මිදීම සඳහා නව වෙළෙඳ පොළවල් සොයා ගැනීම මෙන්ම කලාපීය ලෙස ගිවිසුම් ගතවීමත් වැදගත් බවද ඔහු පෙන්වා දෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...