”අනතුරට පෙර ඉන්ධන ස්විච ක්‍රියා විරහිත වෙලා” – Air India ගුවන් අනතුරේ වාර්තාවක් නිකුත් වෙයි.

Date:

කොළඹ LNW:ලොවම කම්පනයට පත්කරමින් පසුගිය ජුනි 12 වැනිදින සිදුවූ Air India ගුවන අනතුරට අදාළ පරීක්ෂණවල මූලික වාර්තාවක් නිකුත් වී තිබේ.

එම වාර්තාවට අනුව පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවූ ගුවන් අනතුර සිදුවීමට මොහොතකට පෙර ගුවන් යානයේ එන්ජින් දෙකම ක්‍රියාවිරහිත කරවන තත්ත්වයකට පත්වෙන ඉන්ධන පාලන ස්විච දෙකම ක්‍රියා විරහිත වී තිබේ.

අනතුරෙන් පැය 49ක පියාසැරි දත්ත සහ පැය දෙකක නියමු කුටියේ ශ්‍රව්‍ය ඇතුළුව ගුවන් යානයේ ‘කළු පෙට්ටියේ’ පටිගත දත්ත අනුව මෙම තොරතුරු හෙළී වී ඇත.

ලන්ඩන් ගැට්වික් බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් මෙම යානය අහ්මදාබාද් ගුවන්තොටුපොළෙන් පිටත් වී සුළු මොහොතකට පසු වෛද්‍ය විද්‍යාලීය නේවාසිකාගාර ගොඩනැගිල්ලකට කඩාවැටී අනතුරට ලක්විය. එම අනතුරින් ගුවන් යානයේ සිටි එක් මගියෙකු හැර සෙසු සියලු දෙනාම ජීවිතක්ෂයට පත්විය.

වාර්තාවේ දැක්වෙන පරිදි ගුවන් යානයේ නියමු කුටියේ හඬ පටවලින් නියමුවන් දෙදෙනා අතර යම් ව්‍යාකූලත්වයක් තිබූ බවට පෙන්නුම් කරන බවත් එක් ගුවන් නියමුවෙකු අනෙක් ගුවන් නියමුවාගෙන් “ඉන්ධන පාලන ස්විච නැවැත්තුවේ ඇයි?” යනුවෙන් විමසන අතර, අනෙක් ගුවන් නියමුවා තමන් එසේ නොකළ බව පවසා ඇත.

ඉන්පසු ස්විචයන් ඒවායේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට පැමිණ ඇති අතර එමගින් එන්ජින් නැවත ආරම්භ කිරීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීයව ආරම්භ විය හැකිව තිබුණු නමුත් නමුත් එක් එන්ජිමක් නැවත සක්‍රීය වෙද්දී අනෙක් අනෙක අක්‍රීය වී තිබෙන බවද සඳහන්.

යානය ගුවන්ගත වී තත්පර කිහිපයක් ඇතුළත එන්ජින් දෙකට ඉන්ධන ලබා දෙන ස්විච දෙකම ධාවන තත්ත්වයේ සිට ක්‍රියා විරහිත තත්ත්වයට මාරු වී ඇති අතර, යානය වාතය හරහා ඉදිරියට යාමට යොදන තෙරපුම් බලය පැයට නාවික සැතපුම් 180ක වේගයෙන් ගමන් කරමින් සිටියදී නැවති ඇති බවයි දැක්වෙන්නේ.

විශේෂයෙන් ගුවන් යානා ඉංජිනේරුවන් පෙන්වා දෙන ඉන්ධන සැපයෙන ස්විචවලට විශේෂ ආරක්ෂක ක්‍රමවේදයක් ඇති අතර එන්ජින් ගිනි ගැනීම් වැනි බරපතල හදිසි අවස්ථා වලදී පමණක් සිතා මතා ඒවා ක්‍රියා විරහිත කිරීම් සිදු කරනු ලබයි.

එමෙන්ම ඉන්ධන ස්විච් ලිහිල් වීමට හෝ අසාර්ථක වීමට ඉඩ ඇති බවට ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් නිකුත් කර ඇති අනතුරු ඇගවීමේ වාර්තාවක්ද උක්ත මූලික වාර්තාවට එක්කර තිබේ.

ඒ අනුව මෙම යාන්ත්‍රික ගැටලුව නිසා ස්විච දෙකම එකවරම නැවතීම සිදු වූයේ කෙසේ ද යන්න පිළිබඳ ගැටළුව විසඳි නැති බවත් පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවූ මෙම ගුවන් අනතුර මිනිස් දෝෂයක් ද නැතහොත් දුර්ලභ යාන්ත්‍රික දෝෂයක් ද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද දැක්වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...