නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ සුපිරි යතුරුපැදි 21ක් හම්බන්තොටින් අල්ලයි !

Date:

නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් පොලිස් භාරයට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සමත්ව තිබේ.

හම්බන්තොට, නාගරවැව කුරුළු උයන පරිශ්‍රයේ කුරුලු ආහාර ගබඩාවේ සඟවා තිබියදී මෙම යතුරුපැදි 21 පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙරටට ආනයනය කිරීම තහනම් වන මෙම එක් එක් යතුරුපැදිවල වටිනාකම රුපියල් කෝටි එකහමාරකට වඩා වැඩි බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එමෙන්ම මෙහිදී කුරුලු උයන පරිශ්‍රයේ නීති විරෝධී ලෙස වගා කර තිබූ ගංජා පැල 04ක් සමග මෙම සත්ත්ව ගොවිපොළේ කළමනාකරු හා ගබඩා පාලකද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 40 හා 50 වයස්වල පසුවන මාතර හා මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්මි,ඉමේෂා සහ ඉනෝෂි එක්ව අළු පාට ජය පාටට හරවති

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: කාන්තා විස්සයි ජාතික ලීග්...

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...