ප්‍රභාත්ගේ ඉවසීමේ ප්‍රභාව

Date:

ප්‍රභාත් ජයසූරිය සිය පළමු ටෙස්ට් තරගයේදී හොඳම පන්දු යැවීම කළ පන්දු යවන්නන් අතර සිව්වන තැනට පත් විය.එය ශ්‍රී ලාංකිකයෙකු කළ හොඳම පන්දු යැවීම විය.ලකුණු 177 ට කඩුලු 12 ක් ලබා ගනිමින් ප්‍රභාත් කළ සුවිශේෂී එම දස්කම නිසා ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන සිටින ඕස්ට්‍රේලියාව ඉණිමකින් පරාජය කරන්නට ශ්‍රී ලංකාවට හැකි විය.

තිස් හැවිරිදි ප්‍රභාත් වසර ගණනාවක් සිය දස්කම් පිළිබඳ විශ්වාසයෙන් කැපවීමෙන් මෙම අවස්ථාව තෙක් ඉවසා සිටියේය.එසේ බලාපොරොත්තු තබා සිට ප්‍රභාත්ට මෙම අවස්ථාව උදා වූයේ ද,ඔහුගේ දක්ෂතා කෙරුණු සැළකිල්ලක් නිසාම නොවේය.ක්‍රීඩකයන් කිහිප දෙනෙක් එක වර කොවිඩ් වෛරසයේ ගොඳුරු වූ බැවින් ඒ හිස්තැන් පිරවීමටය.නමුත් ඒ අවස්ථාව ඔහු තමා සම්බන්ධයෙන් ලෝකයට කියාපෑම සදහා නිවැරදිව යොදා ගත්තේය.

සිය පළමු ටෙස්ට් තරගයේ හොඳම පන්දු යැවීම සටහන් කර ඇත්තේ ඉන්දියාවේ නරේන්ද්ර භිර්වානි ය.ඔහුු සිය පළමු ටෙස්ට් තරගයේදී ඉන්දියාව වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 136 ට කඩුලු 16 ක් ලබා ගත්තේය.ඊට පෙර ඕස්ට්‍රේලියාවේ ලොක්යාර් මැසී ද සිය පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 137 ට එංගලන්ත කඩුලු 16 ක් උඳුරාගෙන ඇත.

ඉන් අනතුරුව අපට හමුවන්නේ කඩුලු 12 යුගලයක්ය.ප්‍රභාත් සමඟ එහි සිටින අනෙකා එංගලන්තයේ ය.ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව එම දස්කම සිඳු කර ඇත්තේ ලකුණු 37 ට ය.ඒ 1890 දී ය.මීට වසර 132 ට පෙරය.ඒ නිසාම පළමු ටෙස්ට් තරගයේ මෙවැනි දස්කම් දැක්වීම කෙතරම් අපූරු හැකියාවක් දැයි සිතා ගැනීම අසීරු නැත.නමුත් මෙම දස්කම සඳහා වන ප්‍රවේශයට ඔහු කළ ඉවසීම මෙන්ම කැපවීම ද නොනසා තබා ගන්නට ප්‍රභාත් කල්පනා කළ යුතුය.ඊට හොදම උදාහරණය නරේන්ද්ර හිර්වානිගෙන්ම ගත හැකිය.ඔහු ක්‍රිකට් ජීවිතේ තරඟ කර ඇත්තේ තරඟ 16 පමණය.

එසේ නොවන දීර්ඝ ටෙස්ට් අත්දැකීම් ප්‍රමාණයකට උරුමකම් කියන්නට අපි ප්‍රභාත් ට සුබ පතන්නෙමු.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...