ප්‍රභාත්ගේ ඉවසීමේ ප්‍රභාව

Date:

ප්‍රභාත් ජයසූරිය සිය පළමු ටෙස්ට් තරගයේදී හොඳම පන්දු යැවීම කළ පන්දු යවන්නන් අතර සිව්වන තැනට පත් විය.එය ශ්‍රී ලාංකිකයෙකු කළ හොඳම පන්දු යැවීම විය.ලකුණු 177 ට කඩුලු 12 ක් ලබා ගනිමින් ප්‍රභාත් කළ සුවිශේෂී එම දස්කම නිසා ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන සිටින ඕස්ට්‍රේලියාව ඉණිමකින් පරාජය කරන්නට ශ්‍රී ලංකාවට හැකි විය.

තිස් හැවිරිදි ප්‍රභාත් වසර ගණනාවක් සිය දස්කම් පිළිබඳ විශ්වාසයෙන් කැපවීමෙන් මෙම අවස්ථාව තෙක් ඉවසා සිටියේය.එසේ බලාපොරොත්තු තබා සිට ප්‍රභාත්ට මෙම අවස්ථාව උදා වූයේ ද,ඔහුගේ දක්ෂතා කෙරුණු සැළකිල්ලක් නිසාම නොවේය.ක්‍රීඩකයන් කිහිප දෙනෙක් එක වර කොවිඩ් වෛරසයේ ගොඳුරු වූ බැවින් ඒ හිස්තැන් පිරවීමටය.නමුත් ඒ අවස්ථාව ඔහු තමා සම්බන්ධයෙන් ලෝකයට කියාපෑම සදහා නිවැරදිව යොදා ගත්තේය.

සිය පළමු ටෙස්ට් තරගයේ හොඳම පන්දු යැවීම සටහන් කර ඇත්තේ ඉන්දියාවේ නරේන්ද්ර භිර්වානි ය.ඔහුු සිය පළමු ටෙස්ට් තරගයේදී ඉන්දියාව වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 136 ට කඩුලු 16 ක් ලබා ගත්තේය.ඊට පෙර ඕස්ට්‍රේලියාවේ ලොක්යාර් මැසී ද සිය පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 137 ට එංගලන්ත කඩුලු 16 ක් උඳුරාගෙන ඇත.

ඉන් අනතුරුව අපට හමුවන්නේ කඩුලු 12 යුගලයක්ය.ප්‍රභාත් සමඟ එහි සිටින අනෙකා එංගලන්තයේ ය.ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව එම දස්කම සිඳු කර ඇත්තේ ලකුණු 37 ට ය.ඒ 1890 දී ය.මීට වසර 132 ට පෙරය.ඒ නිසාම පළමු ටෙස්ට් තරගයේ මෙවැනි දස්කම් දැක්වීම කෙතරම් අපූරු හැකියාවක් දැයි සිතා ගැනීම අසීරු නැත.නමුත් මෙම දස්කම සඳහා වන ප්‍රවේශයට ඔහු කළ ඉවසීම මෙන්ම කැපවීම ද නොනසා තබා ගන්නට ප්‍රභාත් කල්පනා කළ යුතුය.ඊට හොදම උදාහරණය නරේන්ද්ර හිර්වානිගෙන්ම ගත හැකිය.ඔහු ක්‍රිකට් ජීවිතේ තරඟ කර ඇත්තේ තරඟ 16 පමණය.

එසේ නොවන දීර්ඝ ටෙස්ට් අත්දැකීම් ප්‍රමාණයකට උරුමකම් කියන්නට අපි ප්‍රභාත් ට සුබ පතන්නෙමු.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...