චීනයේ සිය ඉතුරුම් ඉල්ලා වීදිබට තැන්පත්කරුවන්ට ප්‍රහාර

පසුගිය අප්‍රේල් මාසයේ සිට, චීනයේ මධ්‍යම හෙනාන් පළාතේ ග්‍රාමීය බැංකු හතරක් ඩොලර් මිලියන ගණනක් වටිනා තැන්පතු කැටි කර කිරීම හේතුවෙන් සිය ඉතුරුම් ඉල්ලා තැන්පත් කරුවන් කරන ලද සාමකාමී විරෝධතාවය චීන බලධාරීන් විසින් ඊයේ (11)දින ප්‍රචණ්ඩ ලෙස විසුරුවා හැර තිබේ.

කොවිඩ් අගුලුලෑම් වලින් බැට කෑ ලක්ෂ සංඛ්‍යාත ගනුදෙනුකරුවන් සිය රැකියා අහිමිවීම් සමඟ බරපතල ලෙස ජීවනෝපාය තර්ජනයකට මුහුණ පා ඇත. ඔවුන් විසින් පසුගිය මාස දෙක පුරා හෙනාන්හි පළාත් අගනුවර වන Zhengzhou නගරයේ පෙළපාලි කිහිපයක් පවත්වා සාමකාමී විරෝධතා කිහිපයක් පැවැත්වුවමුත් එය බීරි අලින්ට වීණා වැයීමක් විය.

කොවිඩ් අගුලුලෑම් වලින් බැට කෑ ලක්ෂ සංඛ්‍යාත ගනුදෙනුකරුවන් සිය රැකියා අහිමිවීම් සමඟ බරපතල ලෙස ජීවනෝපාය තර්ජනයකට මුහුණ පා ඇත. ශවුන් විසින් පසුගිය මාස දෙක පුරා හෙනාන්හි පළාත් අගනුවර වන Zhengzhou නගරයේ පෙළපාලි කිහිපයක් පවත්වා සාමකාමී විරෝධතා කිහිපයක් පැවැත්වුවමුත් එය බීරි අලින්ට වීණා වැයීමක් විය. ඊයේ දිනයේදී චීන මහජන බැංකුවේ Zhengzhou ශාඛාවෙන් පිටත රැස් වූ දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් සටන්පාඨ කියමින් සිය ඉතුරුම් ඉල්ලා පළාත් පාලන ආයතනවලට එරෙහිව ක්‍රියා කිරීමක් මෙහිදී දක්නට ලැබිණි. ඔවුන් මධ්‍යම රජය මත විශ්වාසය තබන බව මෙහිදී පෙනෙන්නට තිබිණි.”හෙනාන් රජයේ දූෂණයට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව” ලෙස ඔවුන්ගේ ප්‍රදර්ශන පුවරු වෙත දක්නට ලැබිණ.

හදිසියේ සාමකාමී විරෝධතාවට කඩා වැදි ආරක්ෂක අංශ නිලධාරීන්ගේ හැසිරීම හේතුවෙන් තත්වය අවුල් වියවුල් වන්නට විය. සාක්ෂිකරුවන් සහ සමාජ මාධ්‍ය වීඩියෝවලට අනුව, ආරක්ෂක නිලධාරීන් විරෝධතාකරුවන් පඩිපෙළෙන් පහළට ඇද දමා කාන්තාවන් සහ වැඩිහිටියන් ඇතුළු ප්‍රතිරෝධය දැක්වූ අයට පහර දීමත් සමඟ දෙපාර්ශවය අතර ගැටුම් ඇති විය. විශාල පිරිසක් හමුදා අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන වෙත යවන ලදි. තුවාල කරුවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරන ලදි. බොහෝ දෙනෙක් සවස් වන විට රැඳවුම් භාරයෙන් නිදහස් වූ බව ජනතාව පැවසූහ. “මෙවර ඔවුන් මෙතරම් ප්‍රචණ්ඩකාරී සහ නිර්ලජ්ජිත වනු ඇතැයි මම අපේක්ෂා නොකළෙමි. ඔවුන් අපව කුරිරු ලෙස විසුරුවා හැරීමට පෙර සන්නිවේදනයක් හෝ අනතුරු ඇඟවීමක් නොතිබුණි,” ලෙසයි විරෝධතා කරුවන් CNN වෙත ප්‍රකාශකර තිබුණේ.


හෙනන් ග්‍රාමීය බැංකු පාලනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ අපරාධ කල්ලියක සාමාජිකයින් මේ වන විට අත්අඩංගුවට ගත් බව ප්‍රාදේශීය පොලීසිය ප්‍රකාශ කරයි. බැංකු විධායකය ව්‍යාජ ණය ලබාදී නීතිවිරෝධී ලෙස මුදල් හුවමාරු කළ බවට ද සැකකරුවන්ට චෝදනා එල්ල වී ඇති අතර, මේ වන විට ඔවුන්ගේ ඇතැම් මුදල් සහ වත්කම් රාජසන්තක කර අත්හිටුවා ඇත.
කෙසේ නමුත් පීඩාවට පත් තැන්පත්කරුවන් අහිමි වූ ඉතුරුම් සහ විනාශ වූ ජීවනෝපාය පිළිබඳ මහා පරිමාණ පෙලපාලි තවදුරටත් රට පුරා සංවිධානය කරනු දක්නට ලැබෙන බව පැවසේ. ඔවුන් විසින් බලධාරීන් විසින් ක්‍රියාත්මක කරනු ලැබූ මර්දනය හෙළා දැක ඇති. මධ්‍යම රජය පිළිබඳ පෙර පැවති විශ්වාසය පලුදු වූ බව CNN වෙත ප්‍රකාශ කර තිබේ.

ඡායාරූප : CNN
https://youtu.be/nzsWxFYyy7I

SM-OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...