අරලියගහ මන්දිරයේ බඩු සොරාගෙන – අගමැති මාධ්‍ය ඒකකයෙන් පොලීසියට පැමිණිලි

Date:

කොළඹ අරලියගහ මන්දිරය අරගලකරුවන් අතට පත්වීමෙන් පසු එහි තිබූ ඇතැම් භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා. එම ඒකකය සතුව තිබූ ලැප්ටොප් පරිගනක දෙකක්, වීඩියෝ කැමරාවක් සහ තවත් කැමරා උපකරණ කිහිපයක් අස්ථානගත වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය කොල්ලුපිටිය පොලීසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

අරලියගහ මන්දිරය අරගලකරුවන් අතට පත්වීමෙන් පසුව එහි දෛනික කටයුතු අත්හිටුවීමට සිදු වූ අතර කෙසේ නමුත් මාධ්‍ය ඒකකය එම පරිශ්‍රයේ කොටසක ස්ථාපිත කර තිබෙනවා.

මේ අතර ඇතැම් ගොඩනැගිලිවල බිත්ති අතර ගුල් හාරා ඇති බවත්, ලියකියවිලි විශාල ප්‍රමාණයක් විනාශ කර දමා ඇති බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...