තමන්ගේ සහ තම පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන තුරු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම ප්රමාද වෙන තත්වයක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ඒ මහතාට සහ පවුලේ සාමාජිකයින්ට ගුවන් තොටුපල හරහා ආරක්ෂිතව රටින් පිටවීමටත් නිලධාරීන් සහ ජනතාව ඉඩ නොදෙන තත්වයක් තුළ ජනාධිපති ධුරයෙන් ද ඉවත් වුවහොත් හමුදා කඳවුරක් තුළ හෝ රැඳී සිටීමට නොහැකි, සම්පූර්ණයෙන්ම අනාරක්ෂිත තත්වයක් සහ පැහැදිලිවම ජීවිත වලට තර්ජනයක් උද්ගත වන හෙයින් ඔහු මෙම තීරණයට එළඹෙමින් සිටින බව සඳහන්.
කෙසේවෙතත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මැදිහත් වෙමින් මෙම තත්වය විසඳා ගැනීම සඳහා මැදිහත්ව පියවර ගනිමින් සිටින බවත් ආරංචිමාර්ග ප්රකාශ කළේය.
RN