ගෝඨාභය ඉන්නෙ ගුවන් හමුදාපතිගෙ ගෙදරද ? – ගුවන් හමුදාවෙන් පිළිතුරු

Date:

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාට අයත් නිවසක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැඳී සිටින බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බව ගුවන් හමුදාව පවසනවා. එම පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

ශ්‍රී ලංකා පොලීසිය දේශපාලනීකරණයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානය නමැති සංවිධානයේ සභාපති, විශ්‍රාමික පොලිස් නිළධාරී අජිත් ධර්මපාල මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා වීඩියෝවක් නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා රැඳී සිටින ස්ථානය පිළිබඳව අනාවරණය කර තිබිණි.

ගුවන් හමුදාවේ සහ ගුවන් හමුදාපතිවරයාගේ කීර්තිනාමයට හානි කිරීමේ අරමුණින් හා ගුවන් හමුදාව කෙරෙහි මහජනතාව තුළ වෛරය හා ක්‍රෝධය පැතිරවීමේ අරමුණින් මෙවැනි අසත්‍ය පුවත් සමාජගත කරන බවට ගුවන් හමුදාව චෝදනා කරනවා.

ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි පුවත්වලට රැවටීමෙන් වැළකී සාමකාමීව කටයුතු කරන ලෙසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...