සෑම වෛද්‍ය පීඨයකම දැඩි ආචාර්ය හිඟයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සෑම වෛද්‍ය පීඨයකම දැඩි ආචාර්ය හිඟයක් ද පවතින බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නවීන් තාරක මහතා පවසනවා. මොරටුව, සබරගමුව සහ වයඹ යන වෛද්‍ය පීඨ සඳහා අවසන් වසර මහාචාර්ය ඒකක මේවනතෙක් ස්ථාපිත කර නොමැති බව  පවසයි.

ඒ පිළිබඳ අදහස් දැක්වූ  නවීන් තාරක මහතා,

“සෑම වෛද්‍ය පීඨයකම දැඩි ආචාර්යවරු හිඟයක් මතුවෙලා තියෙනවා. මේකට කිසිම පිළියමක් නෑ මේ වෙනකල්. අලුතින් ස්ථාපිත කරපු වෛද්‍ය පීඨ තුන ගත්තොත් මොරටුව, සබරගමුව හා වයඹ ඒවායින් සබරගමුව හා වයඹ වෛද්‍ය පීඨවල තාම අවසන් වසර මහාචාර්ය ඒකක ඉදිකරලා නෑ. එතකොට ඒ අවසන් වසර ශිෂ්‍යයන් මේ වසරේ ඒ අවසන් වසර පටන්ගන්නවා. තවමත් ඒ මහාචාර්ය ඒකක පටන් ගන්න කිසිම සැලැස්මක් නෑ. මොරටුව වෛද්‍ය පීඨයට අදාළව කිසිම ගොඩනැගිල්ලක්වත් නෑ අඩුම තරමින්. මේ වගේ ප්‍රශ්න ගොඩක් එක්ක තමා රටේ වෛද්‍ය අධ්‍යාපනය යන්නේ… ආණ්ඩුව අලුතින්ම හදන සෙල්ලම තමා අලුතින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කරන එක. මේ වෙද්දි ඒවට අදාළව සායනික පුහුණුව දෙන්න රජයේ රෝහල්වල ආණ්ඩුව සැලැස්ම හදලා ඉවරයි.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...