එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් හානිය තවමත් නතර වී නැහැ – IMO සහ CBD වාර්තා කැඳවන්න – රවීන්ද්‍ර කාරියවසම්

Date:

කොළඹ LNW:එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නැව්වලින් සිදු වූ හානිය සම්බන්ධයෙන් පිළිගත් ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථාන, IMO සහ CBD වෙතින් වාර්තා කැඳවිය යුතු බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත ලිඛිත දැනුම් දීමක් කරමින් අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිවල ආරක්‍ෂාව වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ ක්‍රියා කරන පරිසර සංවිධානයක් ලෙසයි ඔවුන් එම ලිපිය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත යොමුකර ඇත්තේ.

එම අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසන්නේ රටේ අනාගත පරිසර සංරක්‍ෂණය වෙනුවෙන් පාර්ලිමේන්තු කාරක සභාවේදී ඔවුන්ගේ අදහස් හා යෝජනා සලකා බලන ලෙසයි.

උක්ත විනාශයන් සම්බන්ධයෙන් IMO සහ CBD වෙතින් වාර්තා කැඳවිය යුතු අතර එම වාර්තා පදනම් කරගෙන පරිසරයට සිදු වූ හානියට අදාළ මුදල අය කර ගැනීමට ශ්‍රී ලංකා රජය මැදිහත් විය යුතු බව ඔහු කියාසිටියි.

මේ අතර අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසා තිබුණ අන්දමට එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය කිසියම් තනි පුද්ගලයකු විසින් ලබාගෙන ඇති නම් එසේ නම් එම පුද්ගලයා පිළිබඳව මහජනතාවට හෙළි කළ යුතු බවයි කාරියවසම් මහතා සඳහන් කරන්නේ.

එම නැව්වලින් කරන විනාශය තවම නිශ්චිතවම නතර වී නොමැති බවත් ඒවා මුහුදු වෙරළට විටින් විට බලපෑම් එල්ල ඔහු පවසයි.

එබැවින් එම හානි සම්බන්ධයෙන් නිසි දිගුකාලීන පර්යේෂණයක් ක්‍රියාත්මක කළ යුතු බවයි කාරියවසම් මහතා කියාසිටින්නේ.

”මෙම නැව් වලින් සිදුවූ හා ඉදිරියටත් සිදුවන හානි සඳහා තක්සේරු කළ හැකි උපරිම වන්දිය ලබාගත යුතුයි. පරිසරයට හා සමාජයට සිදුවන හානි වැළැක්වීම සඳහා එම වන්දි මුදල විනිවිදභාවයෙන් යුතුව භාවිත කිරීමට විධිමත් යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. වෙරළේ එකතු වන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කළ යුතු අතර, එම ප්ලාස්ටික් නිසා ගැඹුරු මුහුදේ ශාක හෝ සත්ත්ව විශේෂවලට සිදුවන හානිය සම්බන්ධයෙන් ගැඹුරින් පර්යේක්ෂණයක් සිදු කළ යුතු අතර එහි ප්‍රතිඵල සහිත නිවැරදි තොරතුරු දේශීය වශයෙන් හා ජ්‍යාත්‍යන්තරව පිළිගත හැකි විද්‍යාත්මක පදනමකින් ඉදිරිපත් කළ යුතුය.” යන්න හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...