*
Monday, September 23, 2024
spot_img

Latest Posts

ඇමරිකාවේ අයෝවා ප්‍රාන්තයේත් ගබ්සාව තහනම්

මෙය ඇමරිකානු ශේෂ්ඨාධිකරණය Roe v Wade තහනම් කිරීමත් සමඟ රට පුරා ප්‍රාන්තවල සම්මත කරන ලද ගබ්සා-විරෝධී නීති මාලාවේ නවතම නීති සම්පාදනයයි.

ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කරන පරිදි, අයෝවා ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය විසින් ගැබ්ගෙන සති හයකට පමණ පසුව වන ගබ්සා කිරීම් තහනම් කර තිබේ. මෙය ඇමරිකානු ශේෂ්ඨාධිකරණය Roe v Wade තහනම් කිරීමත් සමඟ රට පුරා ප්‍රාන්තවල සම්මත කරන ලද ගබ්සා-විරෝධී නීති මාලාවේ නවතම නීති සම්පාදනයයි.

අයෝවා සභාව සහ සෙනෙට් සභාව යන දෙකෙහිම බහුතර බලය හිමි රිපබ්ලිකන් නීති සම්පාදකයින් විසින් ගබ්සාවට එරෙහි පනත් කෙටුම්පත සම්මත කර ඇති අතර ආණ්ඩුකාර කිම් රෙනෝල්ඩ්ස් විසින් එය අත්සන් කිරීමෙන් අනතුරුව එය මේ වන විට නීතියක් බවට පත්ව තිබේ.

පසුගිය වසරේ ඇමරිකානු ශේෂ්ඨාධිකරණය විසින් ගබ්සාව සඳහා රටපුරා තිබූ ව්‍යවස්ථාපිත අයිතිය Roe v Wade අවලංගු කිරීමත් සමඟ අභියෝගයට ලක් කෙරිණ. මේ වන විට එක්සත් ජනපදයේ දකුණු ප්‍රදේශය ඇතුළු ප්‍රාන්ත ගණනාවක් ස්ත්‍රී දූෂණ හේතුවෙන් සිදුවන ගැබ් ගැනිම් පවා ගබ්සා කිරීම තහනම් කර ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකානු සිවිල් නිදහස සංගමයේ විධායක අධ්‍යක්ෂ Mark Stringer ප්‍රකාශ කර තිබුණේ ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ ශරීර, ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ සෞඛ්‍යය සහ ඔවුන්ගේ ආරක්ෂාව පාලනය කිරීමට හා අයෝවාහි ප්‍රජනන අයිතීන් ආරක්ෂා කිරීමට හා මෙම නොසැලකිලිමත්, කුරිරු නීතිය අවහිර කිරීමට නඩුවක් ගොනු කිරීමට සූදානම් බවයි.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් වෛද්‍ය වෘත්තිකයන් සහ ප්‍රජනක අයිතිවාසිකම් ක්‍රියාකාරීන් ගණනාවක් ව්‍යවස්ථාදායකයෙන් ඉල්ලා තිබුණේ මෙම පනත් කෙටුම්පත නැවත සලකා බලන ලෙසයි, එමඟින් දැවැන්ත සමාජ හානියක් සිදුවනු ඇති බවටත්, ශරීර ස්වාධිපත්‍යය අඩු වන බවටත් ඔවුන් අනතුරු අඟවා තිබිණ.

පනත් කෙටුම්පත වෙනුවෙන් පෙනී සිටින බොහෝ ක්‍රිස්තියානි සංවිධාන සහ දැඩි ගබ්සා විරෝධී ක්‍රියාකාරී කණ්ඩායම්, නඩු විභාගය අතරතුර නීති සම්පාදකයින්ට ස්තූති කළ අතර ඔවුන් මෙම පනත ඔවුන්ගේ ව්‍යාපාරයේ ජයග්‍රහණයක් ලෙස සඳහන් කර තිබිණි.

සශිකලා මධුෂාණී_ (Outbound today )

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan