ක්‍රීඩාව පවිත්‍ර කිරීම සඳහා නීති ගෙන ඒමට ක්‍රීඩා අමාත්‍යවරයා ගෙන ඒමට උත්සාහ කරන නීති අතරමඟ සිරවි ඇති බවත්,ජනාධිපතිවරයා එම නීති තමන්ගේ අවසරයකින් තොරව ඉදිරිපත් නොකරන බවට පැවසූ බවත් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.ඒ තත්ත්වය මත ක්‍රීඩා අමාත්‍යතුමා නීතිපතිවරයාගේ අවසරය ලබා ගෙන ජනාධිපතිවරයාට ඒවා ඉදිරිපත් කරන බව පවසන්නේ ජනාධිපතිවරයා හොරුන්ගේ පිලේ දැයි පරික්ෂා කරන බවක් සඟවා කියමින්.ජනාධිපිතවරයා ඔළු ගණනේ අර්බුදයක් මත බලය වෙනුවෙන් රොෂාන් රණසිංහලා වැනි අයගේ කේවල් කිරීම්වලින් පීඩනයට ලක්වෙමින් සිටින අතර ඒ පිඩනයෙන් හිරි වැටී මෙන් සිටින ජනාධිපතිවරයාට ක්‍රීඩා අමාත්‍යවරයා ඔහුට නොතේරෙන්නට රටට දැනෙන්නට ටොක්කක් ඇන රනිල් වික්‍රමසීංහගේ කීර්ති නාමයට පළුදු කරන බව එම ප්‍රකාශ වෙත අවධානය යොමු කරද්දී පැහැදිළි වෙනවා.
තමන්ට එරෙහි වන්නේ හොරු බව පෙන්වා දෙන ක්‍රීඩා ඇමතිවරයා ජනාධිපතිතුමා ඇහුං කං දෙන්නේ හොරුන්ට යැයි නොකියමින් ඔහු ද එකනෙකා විසින් පවසන කතා නිසා ගැටවලට හසු වී ඇති බව වක්‍රාකාරයෙන් පවසනවා.ජනාධිපතිවරයා ද වක්‍රාකාරයෙන් විවේචනය කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ මොහොතේ දී නක්ෂත්‍රකරුවන්ගේ විශ්වාසයට අනුව ඉදිරියට යමින් සිටින බවත්, අමාත්‍යවරයා තමන්ට ඇති රාජයෝගයක් සම්බන්ධයෙන් දක්වන විශ්වාසය මත පදනම්ව කටයුතු කරන බවත් ඔහුගේ මේ ක්‍රියා කලාපයන් නිසා එතැනින් ඉවත් වූ යම් අය ප්‍රකාශ කර සිටිනවා.
ජාතික ක්‍රීඩා සභාවේ සිටින බොහෝ දෙනෙක් තමන්ගේ ක්‍රීඩාවේ තනතුරුවලට පැමිණීමට ගත් උථ්සාහයන්වලදී මේ වන විට ප්‍රතික්ෂේප වී ඇති උදවිය වන අතර ඔවුන් අමාත්‍යවරයාගේ අදහස්වලට පොහොර දමමින් නිල නොවන මට්ටමෙන් අමාත්‍යවරයාගේ බලයේ උපකාරයෙන් ඒ ක්‍රීඩාවල බලයට පැමිණිමට සහ සහ බලයේ සිටින කණ්ඩායම්වලට බලපෑම් කිරීමේ අපේක්ෂාවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාව පොළඹවන බව ක්‍රීඩා කේෂ්ත්‍රයේ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.70 දශකයට අදාළව තවමත් බොහෝ ක්‍රීඩා නීති ඇති අතර ඒවා යම් ආකාරයකට වෙනස් විය යුත්තේ ලෝක ක්‍රීඩා නීතියට අනුව එම ජාත්‍යන්තර සංගම් අපේක්ෂා කරන පරිදි දේශිය සංගම්වලට නිදහස සහ බලය ලැබෙන පරිදි වුවත්,ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා පනතේ නීතිමය තත්ත්වයන් වෙනස් කරන්නට හදන්නේ එහි ඇති තමන්ට අත පෙවිය හැකි සීමාවන් පළල් කර ගැනීමටයි.එසේත් නැතිනම් තමන්ගේ පෞද්ගලික අභිමතය පරිදි පත් කර ගැනීමට හැකි කාර්ය මණ්ඩලය බලවත් වෙන ආකාරයටයි.
මෙවැනි අවස්ථාවන් සැළකිල්ලට ගෙන මේ වන විටත් ජාත්‍යන්තර සංගම් දෙකක්ම තහනම් වී ඇතත් ක්‍රීඩා අමාත්‍යවරයාට නොදෙවැනිව ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිද ජාත්‍යන්තර සංගම් ඔවුන්ගේ දේශිය නියෝජිතයන්ට (සංගම් සහ සම්මේලන) මෙන්ම අමාත්‍යංශයට ද සවන් දිය යුතු බව පවසනවා.මේ තත්ත්වය 70 දශකයටත් පසු පස්සට ගමන් කරන ලෝකයේ ක්‍රීඩාවේ නව ප්‍රවනතා සහ නීතිමය සාධක ඉක්මවා යන බව ක්‍රීඩාවේ බොහෝ දෙනාගේ අදහස වුවත්,ක්‍රීඩා අමාත්‍යවරයා සිය කේවට්ට උපදේශක රැළ සමඟ ජනාධිපතිවරයා පහ කර හෝ තමන්ට අවශ්‍යය දේ කර ගැනීමේ උණකින් පෙළන බව ක්‍රීඩා අමාත්‍යංශයේ බොහෝ දෙනාගේ අදහස වන අතර මීට පෙර ක්‍රීඩා අමාත්‍යංශයෙන් ස්ථාන මාරු අපේක්ෂා කිරීම ඉතා අඩු මට්ටමක තිබුණ ද දැන් එහි සිටින බොහෝ පොදු සේවාවන් හී නියැලි උදවිය ඉන් ඉවත්වීමට උත්සාහ කරමින් සිටින බව ද වාර්තා වෙනවා.
ක්‍රීඩා අමාත්‍යවරයා මේ සටහනට අදාළව දැක් වූ අදහස් අප කෙළිසර යූ ටියුබ් චැනලයෙන් උපුටා පහත දක්වා තිබෙනවා.
https://youtu.be/OFHG0U124-M
සටහන – නිෂ්මං රණසිංහ
