නදීකාගේ වාර්තාව නදීශා දිනා ගනමින් ආසියාව ඉදිරියේ ලෝකඩ පදක්කමක් දිනයි.

Date:

හෙල්ල වීසි කිරීමේ ජාතික වාර්තාලාභිණිය වන නදීකා ලක්මාලි අභිබවමින් කාලයක සිට ජාතික සූරියව වැජඹුණ ද ජාතික වාර්තාවේ හිමිකාරීත්වයට දුරින් සිටි නදීශා දිල්හානි ලේකම්ගේ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ දී එහි ලෝකඩ පදක්කම්ලාභිණිය වූයේ මීටර් 60.93 ක් දුරක් හෙල්ලය වීසි කරමින් වන ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකාරිය වෙමින්ය.නදීකා ලක්මාලි සතුව පැවති වාර්තාව 60.64 ක් විය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට නායකත්වය දෙන මීටර් 800 සහ 1500 ඉසව් ස දහා පෙනී සිටින ගයන්තිකා අබේරත්න අද මීටර් 1500 ඉසව්වට සහභාගි වෙමින් එහි තෙවැන්නිය වුවාය. ඒ විනාඩි 4:14.39 ක දක්ෂතාවයක් දක්වමින්ය.අද පැවති අනෙක් අවසාන තරගය වූයේ ශ්‍රී ලංකා තුන්පිම්ම සූරිය රන්ි කුරේ ඉදිරිපත් වූ තරගය ය.එහිදී ඇයට පදක්කමකට යාමට අවස්ථාව අහිමි විය.ඇය මීටර් 13.17 ක දක්ෂතාවයක් දක්වමින් ඉසව්වේ හයවැනි තැන දිනා ගත්තාය.

හෙට පැවත්වෙන මීටර් 400 පිරිමි අවසාන තරගයට අරුණ දර්ශන සහ රාජිත රාජකරුණා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.අවසාන පූර්ව තරගවලදී රාජිත තමන්ගේ ක්‍රීඩා ජීවිතයේ මීටර් 400 ඉසව්ව සඳහා හොඳම කාලය වාර්තා කරමින් තත්පර 46.12 ට ඉසව්ව නිමා කිරීම කැපී පෙණින.කාන්තා මීටර් 400 තරගයට සහභාගි වූ නදීශා රාමනායක තමන් සහභාගි වූ මූලික තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්තාය.ඇය තත්පර 53.06 ක කාලයක් වාර්තා කරන්නට සමත් වූවාය.අවසාන තරගයට සුදුසුකම් ලැබීම සඳහා දක්වන ලද දක්ෂතා අතර එම කාලය තිබෙන්නේ පළමු තැනය.

හෙට අරුණ දර්ශණ,රාජිත රාජකරුණා සහ නදීශා රාමනායක සිය ඉසව්වල අවසන් තරග නියෝජනය කරති.එසේම දුර පැනීමේ කාන්තා ඉසව්වේ මූලික තරග සඳහා ශ්‍රී ලංකා ජාතික සූරිය වන සාරංගි ද සිල්වා ඉදිරිපත් වීමට නියමිතය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...