සරම්ප රෝගයෙන් දරුවන් රැකගමු !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරටින් නැවතත් සරම්ප රෝගීන් වාර්තා වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

2019 වසරේ දී සරම්ප රෝගය තුරන් කර තිබූ අතර , මෙලෙස වාර්තා වන රෝගීන් සරම්ප රෝගයට එරෙහි එන්නත් ලබා නොගත් පුද්ගලයින් වන බව වසංගත රෝග විද්‍යා අංශය  පවසයි .

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ සමිත ගිනිගේ මහතා පෙන්වාදෙන්නේ, ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ද 2010 වසරෙන් පසු ළමා එන්නත් ලබා ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි.

විද්‍යාත්මක නොවන පදනම් හේතුවෙන් දරුවන්ට එන්නත් ලබානොදීමට මව්පියන් කටයුතු  කිරීම ගැටලුවක් වී ඇති බව සඳහන්.

වැඩිදුරටත් වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසන්නේ, කඩිනමින් මෙම එන්නත් ලබා නොදීම සිදු නොකළහොත් ඉදිරියේදී ළමුන් තවත් රෝගවලට ගොදුරු වීමට ඉඩකඩ පවතින බැවින් සරම්ප රෝගයට එරෙහි එන්නත ලබාදීමට වැඩිහිටියන් පියවර ගත යුතු බවයි.

ශ්‍රී ලංකාව තුළ  මාස 09 සහ අවුරුදු 03 දී සරම්ප එන්නත් ලබා දීම සිදු කරන අතර වෛරසයක් හේතුවෙන් සරම්ප රෝගය ආසාදනය වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...