ඇමරිකාවෙන් ඖෂධ පරිත්‍යාගයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අමෙරිකානු ඩොලර් මිලියන 53.3. ක් වටිනා පිළිකා ඖෂධ සහ කුඩා දරුවන් සඳහා අවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි Julie J.Chung මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අද (12) භාර දී ඇත.

එම ඖෂධ අතර, කුඩා දරුවන්ගේ සමෙ රෝග ,ආතරයිටිස් රෝග හා පිළිකා සඳහා වන ඖෂධ වර්ග 16 ක් පමණ ඇතුළත් බවයි පැවසෙන්නේ .

අමෙරිකානු ජනතාවගේ පරිත්‍යාගයක් වන මෙම ඖෂධ තොගය ,  එරට ජාත්‍යන්තර සංවිධානයක් වන Direct Relief ආයතනය හරහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය මගින් Medical Help International ආයතනයේ සම්බන්ධීකරණය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දී ඇත.

අමෙරිකානු තානාපතිනි Julie J.Chung මහත්මිය මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ ,  සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව අනෙකුත් අංශ සඳහා ද අවශ්‍ය ආධාර උපකාර අමෙරිකානු රජය විසින් ඉදිරියටත් ලබා දීමට ඉදිරිපත් වන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...