*
Friday, November 22, 2024
spot_img

Latest Posts

පාතාලය මඩිනව කිව්වට ඒවා වගාඩම්බර විතරයි.පොලිස්පතිකම සහ ඇමැතිකම් රැකගන්න කරපු කතාවලට සීමා වෙලා – චම්පික

කොළඹ LNW:පාතාල ලෝකයට සමාවක් නෑ කියා ලොකු වාගාඩම්බර ප්‍රකාශ සිදු කළ ද, ඒවා පොලිස්පතිකම සහ ඇමැතිකම් රැකගැනීම සඳහා සිදු කළ හුදු ප්‍රකාශ පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

මැද කොළඹ, ගුණසිංහපුර, ඩයස් පෙදෙස ඊයේ (12) පස්වරුවේ පැවැති ජන හමුවක දීරණවක මහතා මේ බව කියා සිටියේ.

පාතාලයෙන් සහ මත් ද්‍රව්‍ය වලින් කොළඹ හැමදාමත් බැට කන බවයි ඔහු සඳහන් කළේ.

”මේ කොළඹ මෙතනින් මුදාගන්න අපි පියවරෙන් පියවර වැඩ කළා. මොකද මේ කොළඹට මතුපිට සංවර්ධනය හුඟාක් දෙනෙක් ගෙනාවා. ගෙවල් හදලා දුන්නා, පාරවල්වල ගල් ඇල්ලුවා. ඒ වගේම ගස් හිටෙව්වා. කොළඹ එක කලාපයේ ඒ වගේ කටයුතු කරගෙන ගියා. හැබැයි අපේ කසළ ප්‍රශ්නය හැමදාම අපිට තිබුණා. මට්ටක්කුලියේ කුණු කන්දක් තිබුණා, බ්ලූමැන්ඩල් වල කුණු කන්දක් තිබුණා. ඊට පස්සේ ඒක කොලොන්නාව ප්‍රදේශයට, මීතොටමුල්ල ප්‍රදේශයට ගියා. ඒ කුණු කන්ද කඩා වැටිලා, යට වෙලා තිස්තුන් දෙනෙක් මැරුණා. කොළඹ මහ නගර සභාවේ, නාගරික කොමසාරිස්ලා ඇතුළු පිරිසකට, අපරාධ පනත යටතේ නඩු දාන්න කියලා ඒ නානායක්කාර කොමිසමෙන් කිව්වා. කිසිම කෙනෙකු ඒ පිළිබඳව අඩුගානේ පොලිස් පැමිණිල්ලක්වත් ලිව්වේ නෑ. 33 දෙනෙක් මිය ගියාම ඒ කුණු කන්ද කඩා වැටිලා. ඒ කුණු කන්ද කඩා වැටිච්ච වෙලාවේ අද ඔය ගොඩාක් ඇවිල්ලා කතා පවත්වන අය ජාතිය, ආගම පෙන්නලා හරි, වෙන විදිහකට හරි යන්න. කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ ඒ කුණු කන්ද පාලනය කරන්න. ඊළඟට කොළඹ කුණු ටික ගෙනියගන්න බැරුව 2017 අප්‍රේල් මාසේ මේ ඔක්කොම කුණු එන්න ගත්තා. කොවිඩ් එක ගැන හැමෝම දන්නවා. හැබැයි ඒ වෙලාවේ ඩෙංගු වලින් හාරසීයකට අධික ඉතින් ඒ අවස්ථාවේදී අපි මේ කොළඹ නගර සභාවේ පාලනය අතට භාර දුන්නා. මට සිරිසේන ජනාධිපතිතුමා අපි සති දෙකෙන් කොළඹ නගරයේ කසළ ප්‍රශ්නය විසඳුවා. අද කොළඹ නගරයේ කුණු වලින් විදුලිය නිපදවෙනවා. විදුලිය නිපදවෙලා කොළඹටම එනවා. ඒක නිසා අද ප්‍රශ්නයකින් තොරව කොළඹ යනවා. හැබැයි, අද ඒ විදුලිය නිපදවුනාට පස්සේ, එතන ගොඩගැහෙන අළු ගොඩ මහ කන්දක් වෙලා තියෙනවා. ඒක ගෙනිහින් දාන්න අපි, පුත්තලමේ ඒ කසල රඳවනයක්, විද්‍යාත්මක කසල රඳවනයක්. ඒක 2019 ඉඳන් අවුරුදු පහකට කලින් ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තිබුණා. අද මේ වෙනකන් මුකුත් කරලා නෑ. පහුගිය අවුරුදු පහේදී කිසිදෙයක් සිද්ධවෙලා නෑ.

කොළඹ නගරයේ පනස්දාහක් විතර ඉන්න, පැල්පත්වාසී කියලා අඳුනගත්ත ඒ දුගී දුප්පත් ජනතාවට, ඒ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳන්න වැඩපිළිවෙලක් තිබුනේ නෑ. අපි දියත් කළා. දියත් කරලා අපිට පුළුවන් වුණා ඒ ප්‍රමාණය විසිදාහ දක්වා අඩු කරන්න. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? විශාල පිරිසක් ඒ නිවාස ලබාදීපු අය, ඒ නිවාස කාට කාටහරි පවරලා ආයි ගිහිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්නය ආයේ මුල ඉඳන් පටන් ගන්න තත්වෙට පත්වෙලා තියෙනවා. ඒ වගේම අපි ඒ අයට නිවසක් සමඟ ජීවිතයක් කියලා එදා. පාසල් යන්න දරුවන්ට, මත්ද්‍රව්‍ය වලින් මුදාගන්න. විශාල වැඩපිළිවෙළක් දියත් කළා. ඇත්තටම අපිට තව අවුරුදු තුනක් තිබුණා නම්, මේ කොළඹ නගරයේ විශේෂයෙන්ම උතුරු කොළඹ හා මැද කොළඹ මේ පැල්පත් ඉතුරු වෙන්නේ නෑ. හැම කෙනාටම වැදගත් නිවාසයක්, වැදගත් ජීවිතයක් ලැබෙනවා. හැබැයි අපි අවබෝධ කරගත්ත දෙයක් තියෙනවා, ගෙවල් දුන්නු පමණින්, ආදායමක් නැත්නම්, මේ කොළඹ නගරයේ මිනිස්සුන්ට පැවැත්මක් නැහැ. අද එහෙමත් නැත්නම් මේ නගරයේ ඉන්න බැහැනේ. ඉතින් ඒ හැමදාම පේමන්ට් රස්සාව කරන්න බැහැ. හැමදාම වරායෙන් බඩු පන්නගෙන වැඩ කරන්න බැහැ. නේද? හැමදාම පාරේ ඇඟ විකුණන්න බැහැ. මෙතනට අවශ්‍ය උගත්කමයි රැකියාවයි. ඒ සඳහා රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් මේ කොළඹ නගරයට අත්‍යවශ්‍යයි ඒ දරුවන්ට.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan