සර්වජන බලයේ ”සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්” පළමු කෙටුම්පත අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන්ට පිළිගන්වයි!

Date:

කොළඹ LNW:සර්වජන බලය සන්ධානයේ උපායමාර්ගික වැඩපිළිවෙළේ පළමු කෙටුම්පත වන ”සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්” අද (13) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් වෙත පිළිගැන්වීය.

ඒ, එම සන්ධානයේ නායකයින් අද උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේදීය.

සර්වජන බලය නියෝජනය කරන පක්ෂ නායකයින් පළමුවෙන් මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබාගෙන තිබුණු අතර අනතුරුව පක්ෂ නායකයින් අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් බැහැ දැක තිබුණි.

ඉන් අනතුරුව පක්ෂ නායකයින් අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ද බැහැ දැක සිය උපායමාර්ගික වැඩපිළිවෙළ පිළිගන්වන ලදී.

එම අවස්ථාවට මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන හා ගෙවිඳු කුමාරතුංග යන පිරිස එක්වසිටියහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : මෙරට සංචාරයක නිරත...

ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...