ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු ආයතන හයක දූෂණ ගැන වාර්තා CIDයට

Date:

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප් කමිටුව) විසින් අනාවරණය කරගත් රාජ්‍ය ආයතන ආයතන හයක දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳ සියලුම තොරතුරු වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට තීරණය කර තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (LRC), මහපොළ භාරකාර අරමුදල, සබරගමුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහල යන ආයතනවල දූෂණ, වංචා, අක්‍රමිකතා පිළිබඳ වාර්තා මෙසේ නුදුරේදීම CIDය වෙත භාරදීමට නියමිත බවයි කෝප් කමිටුවේ සභාපති නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේ.

මෙම ආයතනවල සිදුව ඇති දුෂණ, වංචා අතරින් බරපතළම ඒවා වෙනම තෝරාගෙන මෙසේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා CIDයට භාරදෙන බවත් සභාපතිවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...