ඩොලර් 375,000කට අලෙවි වූ ලියෝ පාප්තුමා උපන් සහ හැදී වැදුණු ගඩොල් නිවස!

0
760

රෂිකා හෙන්නායක ජූලි 13 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ලියෝ පාප්තුමා උපන් සහ හැදී වැදුණු ගඩොල් නිවසක් එහි වත්මන් හිමිකරු විසින් ඩොලර් 375,000කට විකුණා ඇති බව WGN රූපවාහිනිය පවසයි. ඒ චිකාගෝ තදාසන්න ඩොල්ටන් හි ජනගහනය 21,000ක් වන ප්‍රදේශයක පිහිටි ප්‍රදේශයක බව සඳහන් වේ.

රූපවාහිනි වාර්තාවේ සඳහන් වූයේ , පළමු අමෙරිකානු පාප්තුමා ලෙස ලියෝ පාප්තුමා තේරී පත්වීමට පෙර එය වත්මන් හිමිකරු විසින් පසුගිය වසරේ ඩොලර් 66,000කට මිලදී ගෙන පුළුල් ප්‍රතිසංස්කරණ සිදු කළ බවයි.

මෙම මස මුලදී ඩොල්ටන් ගමේ භාරකාර මණ්ඩලය නිදන කාමර තුනකින් යුත් එම නිවස මිලදී ගෙන එය මහජනතාවට විවෘත ආකර්ෂණයක් බවට පත් කිරීමට ඡන්දය දී පැවැත්වූ අතර, WBEZ චිකාගෝ ගුවන් විදුලියට අනුව 1949 දී මිලදී ගත්, රොබට් ප්‍රෙවොස්ට් උපත ලැබූ නිවස ලියෝ පාප්තුමාගේ දෙමාපියන් 1996 දී විකුණා ඇති බව වාර්තා වේ.