ඉෂාරා සෙව්වන්දිගේ මව බන්ධනාගාරයේදී මරුට !

Date:

ගනේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාවගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

හෘදයාබාධයක් හේතුවෙන් ඇය ජුලි 11 වනදා මෙසේ මරණයට පත්ව ඇති බව සඳහන්.

2025 පෙබරවාරි 19 වනදා අලුත්කඩේ උසාවියේ අධිකරණ මැදිරියක විත්ති කූඩුවේ සිටියදී ගනේමුල්ලේ සංජීව නම් පාතාල නායකයාව වෙඩිතබා ඝාතනය කෙරිණි. එම සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වශයෙන් හඳුනාගත් ඉෂාරා සෙව්වන්දි පළාගොස් තිබුණු අතර මේ දක්වාම පොලීසියට ඇයව සොයාගැනීමට නොහැකි වී තිබේ.

මෙම ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඇයගේ මව සහ සොහොයුරාව පොලීසිය විසින් පෙබරවාරි 25 වනදා අත් අඩංගුවට ගත් අතර ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...