අතඅඩංගුවට ගැණුනු හම්බන්තොට කුරුළු උයනනේ ආහාර ගබඩා කළමනාකරු හා ගබඩා පාලකවරයා අධිකරණයට!

Date:

රෂිකා හෙන්නායක ජූලි 13, කොළඹ LNW :

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් සමග අත්අඩංගුවට ගත් හම්බන්තොට නාගරවැව ප්‍රදේශයේ කුරුළු උයන පරිශ්‍රයේ කුරුළු ආහාර ගබඩාවේ කළමනාකරු හා ගබඩා පාලකවරයා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් ඔවුන් දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුණු අතර, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලද විශේෂ තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හම්බන්තොට නාගරවැව ප්‍රදේශයේ කුරුළු උයන පරිශ්‍රයේ කුරුළු ආහාර ගබඩාවේ සඟවා තිබියදී අදාළ යතුරුපැදි සොයා ගෙන තිබුණි .

මෙරටට ආනයනය කිරීමට තහනම් විදෙස් රටවල නිෂ්පාදිත එම යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එක හමාරකට අධික වන බව පැවසේ.

සැකකරුවන් මාතර සහ මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, අදාළ ගබඩාවේ තිබී නීති විරෝධී ලෙස වගා කර තිබූ ගංජා පැළ 04ක්ද පොලිස් භාරයට ගැණුනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...