නීතියට ඉහළින් කවුරුවත් නෑ, වහාම රටතුළ නීතිය හා සාමය ස්ථාපිත කරන්න – පොදුජන පෙරමුණ

නීතියට හා සාමයට ඉහළින් කිසිවක් තිබිය නොහැකි බවත්, කිසිවෙක් සිටිය නොහැකි බවත් එනිසා සියලු දෙනා නීතියට යටත් වියයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරනවා.

පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතියත්, හිංසනයට ලක් නොවී සිටීමේ නිදහසත් සුරක්ෂිත කිරීම සඳහා රටතුළ නීතිය හා සාමය ස්ථාපිත කළයුතු බවත්, වහාම ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැඩබලන ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බවත් එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඊට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට පොදුජන පෙරමුණ සූදානම් බවයි එම නිවේදනයේ සඳහන්ව තිබෙන්නේ.

සම්මත නීතියත්, ව්‍යවස්ථාපිත ආයතන ව්‍යූහයත් ඊට අදාල ආයතනික ක්‍රියාවලියත් නිසිලෙස ක්‍රියාත්මක වීමට එරෙහිව කටයුතු කිරීමට හෝ ඊට බාධා කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතැබිය යුතු බවද පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

මෑත කාලය තුළ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයන් රැසකට ජීවිත අහිමි වී පොදු හා පෞද්ගලික දේපල විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බව පෙන්වා දෙන පොදුජන පෙරමුණ පවසන්නේ තවදුරටත් එවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඉඩ නොතැබිය යුතු බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...