පාර්ලිමේන්තුව වටලන්න එන ජනතාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ආරක්ෂක ප්‍රධානීන් පක්ෂ නායකයින්ගෙන් අවසර ඉල්ලලා!

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීම මේ වන විට අවසන් වී තිබේ.

ඊට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී නොමැති අතර පොලිස්පතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්ද අද පක්ෂ නායක හමුවට කැඳවා ඇත.

මෙම රැස්වීමට සහභාගිවීමට පෙර ඔවුන් අගමැතිවරයා හමු වී තිබෙන අතර ජන මතයට හිස නමා ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙසයි අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

මේ අතර දැනටමත් පොල්දූව පාර්ලිමේන්තුව පිවිසුමෙන් ජනතාව දහස් ගණනින් ඉදිරියට ඇදෙමින් සිටින අතර පාර්ලිමේන්තුවට පිවිසීමට තැත් කළහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ආරක්ෂක ප්‍රධානීන් පක්ෂ නායකයින්ගෙන් අවසර ඉල්ලා ඇති නමුත් ඔවුන් ඊට එකඟතාව පළකර නැත.

කිසිලෙසකින්වත් ජනතාවට පහර දීමට අවසර දිය නොහැකි බවයි පක්ෂ නායකයින් අවධාරණය කර ඇත්තේ.

රට තුළ පවතින තත්ත්වය සමනය කර ගැනීම සඳහා අගමැතිවරයා වැඩ බලන ජනාධිපති ධූරයෙන් මෙන්ම අගමැති ධූරයෙන් ද ඉල්ලා අස් විය යුතු වන අතර කථානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්කරගෙන ඉදිරි කටයුතු පවත්වාගෙන යාමට පක්ෂ නායකයින් එහිදී එකඟතාවකට පැමිණ තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...