ලුම්පනුන්ගේ නොහික්මුණු ක්‍රියාවක් – සුබ්‍රමනියන් ස්වාමි දකින මෙරට අරගලය

Date:

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින ආණ්ඩුවිරෝධී අරගලය කොළඹ අවට සැරිසරන සමාජ විරෝධීන්, ජිහාඩ් අනුගාමිකයන්, නැක්සලිස්ට්වාදීන් සහ ලුම්පන් පන්තිකයන් මූලිකව සංවිධානය කළ නොහික්මුණු ක්‍රියාවක් බව ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ මුල්පෙළ නායකයෙකු වන සුබුමනියන් ස්වාමි පවසා තිබෙනවා.

ඉන්දියාවට ආසන්න රටක සිදුවන මෙවැනි නොහික්මුණු ක්‍රියාවන් ඉන්දියාවට දැඩි තර්ජනයක් බවත් එනිසා ශ්‍රී ලංකා තුළ සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් ඉන්දීය රජය නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බවත් සුබ්‍රමනියන් ස්වාමි වැඩිදුරටත් අවධාරණය කරයි.

පසුගිය 09 වැනිදා සිදු වූ සිදුවීම්වලින් පසුව ඔහු ප්‍රකාශ කර තිබුණේ රාජපක්ෂ පවුලේ සහාය සඳහා ඉන්දීය හමුදා කණ්ඩායමක් ශ්‍රී ලංකාව වෙත එවිය යුතු බවයි. රටේ බහුතර ඡන්දයෙන් බලයට පත් වූ පාලකයන් මෙවැනි නොහික්මුණු කණ්ඩායම්වල අවශ්‍යතා අනුව බලයෙන් පහකළ නොහැකි බවයි ඔහු සඳහන් කර තිබුණේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සිසුන් හා සාපෙළ!

උපාලි කොළඹගේ කොළඹ LNW:අධ්‍යාපනය පිළිබඳව විවිධ මාතෘකා ඔස්සේ අදහස් දක්වන...

විදුලි වාහන ලොවේ දැවැන්තයා අමෙරිකාවේ ටෙස්ලා සමාගම අභිබවා ගිය චීනයේ  BYD!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : විදුලි වාහන ලොවේ...

මිලියන ගණනක මත්ද්‍රව්‍ය 2025 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : පසුගිය වසරේ සිදුකළ...