වසන්ත, ලාල්, නාමල් මහා මෝල් හිමියන් එක්ක ඩීල් දාලා කියනවා නම් උසාවි යන්න – මාලිමා මන්ත්‍රී ගොවි ජනතාවට කියයි !

සටහන – රුවන් නෙළුගොල්ල

වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා, වෙළඳ අමාත්‍යවරයා හෝ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා මහා පරිමාණ මෝල් හිමියන් සමග රහසිගත එකඟතා මත කොමිස් ලබාගන්නා බවට ඇතැම් ගොවීන් චෝදනා කළත් තමන් එය ප්‍රතික්ෂේප කරන බවත් එවන් චෝදනාවක් ඔප්පු කළ හැකි නම් නීතිය හමුවට යන්නැයි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පවසයි.

“අමතක කරන්න හොඳ නෑ, දැන් අපි කීරිසම්බා අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නනේ මේ හාල් රටින් ගේන්නෙ. ඇත්තටම ප්‍රශ්නය තියෙන්නෙ මේ කීරිසම්බා වෙනුවට ආදේශකයක් අපි දුන්නෙ නැත්නම් මේ කීරිසම්බාවල මිල ඉතාමත් අසීමාන්තික ලෙස ඉහළ යනවා. විවිධ ව්‍යාපාරිකයෝ අපිත් එක්ක කියන කතා ටිකකුත් තියෙනවා මේ කීරිසම්බා ව්‍යාපාරය සම්බන්ධයෙන්. හාල්වල බිල් දාන්න යනකොට ඒ තත්වය සම්බන්ධයෙන් විවිධ කතා ටිකකුත් තියෙනවානෙ. අපේ රටේ සංචාරක කර්මාන්තය, හෝටල් ක්ෂේත්‍රය ආරක්ෂා කරන්නත් ඕනෙ. මේක රටක්නෙ. එතකොට ඒ වෙනුවෙන්නෙ මේ මැදිහත්වීම කරන්නෙ, පොදු වුවමනාව වෙනුවෙන්. ඔතන අර එක ගොවි මහත්තයෙක් චෝදනා කළා ලොකු මෝල් හිමියන් එක්ක ඩීල් දාලා කොමිස් අරන් කියලා. ඉතින් අපි ගොවි ජනතාවගෙන් ඉල්ලන්නෙ මොකක් හරි එහෙම වෙළඳ අමාත්‍යතුමා හරි, කෘෂිකර්ම ඇමතිතුමා හරි, නියෝජ්‍ය ඇමතිතුමා හරි, මොනවා හරි ඩීල් දාලා තියෙනවා නම් කොමිස් අරගෙන තියෙනවා නම් අපි කියලා තියෙන්නෙ වෙනදාට වඩා නීතිය ක්‍රියාත්මකයි, ඒ නිසා දැන් ඕනෙ කෙනෙකුට නිදහස තියෙනවා හෙළිකරන්න”

ප්‍රශ්නය – මෙච්චර ප්‍රමාණයක් ගෙන්වලා තියෙන්නෙ ඕකෙදී කිලෝ එකකින් පොඩි එකකින් හරි කොමිස් එකක් ඇති, එක්කෝ පැලවත්ත මූලස්ථානයට ගාණක් ගිහින් ඇති කියලා තමයි විපක්ෂයේ අය එහෙම කියන්නෙ. මොකද එහෙම නැත්නම් ඔච්චර ප්‍රමාණයක් ගෙවන්න අවශ්‍ය නැහැ කියලායි ඔවුන් කියන්නෙ ?

“නැහැ. කිසිසේත් නැහැ. හරිද ? අපි දන්නවා පැලවත්ත හරි, වෙළඳ ඇමතිතුමා හරි, කෘෂිකර්ම ඇමතිතුමා හරි, නාමල් කරුණාරත්න නියෝජ්‍ය ඇමතිතුමා හරි මේ කාටවත් රුපියලක්වත් එන්නෙ නෑ. ඉතාමත්ම වගකීමෙන් කියන්නෙ. එහෙම කාටහරි මොනවා හරි සාක්ෂි තියෙනවා නම් අධිකරණයට යන්න. අපි කිව්වෙ ඒකයි, වසර 76කට පස්සෙ මේ රටේ නීතියට උඩින් කවුරුවත් නෑ කියන එක අපි තමයි ඔප්පු කරලා තියෙන්නෙ. ඒ නිසා ඕනෙ කෙනෙකුට අල්ලස් දූෂණ කොමිෂන් සභාව තියෙනවා, ගිහින් පැමිණිලි කරන්න පුළුවන්”

සුසන්ත කුමාර නවරත්න මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ ඊයේ (12) විකාශය වූ වැඩසටහනකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...