රෂිකා හෙන්නායක ජූලි 13, කොළඹ LNW :
කළුතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ අද (13) ගින්නක් වාර්තා වූ අතර, හදිසි සේවා නිලධාරීන් සිද්ධියට කඩිනම් ප්රතිචාර දක්වා ඇත.
ගොඩනැගිල්ල තුළ ඇති වූ විදුලි දෝෂයක් හේතුවෙන් ගින්න ඇති වන්නට ඇති බව මූලික තොරතුරුවලින් පෙනී ගියද, නිශ්චිත හේතුව තවමත් තහවුරු කර නොමැත.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථයක් එම ස්ථානයට යවන ලද බව වාර්තා වේ.

