ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමට සංචාරක ව්‍යාපාරයේ නිරත අයටත් අවස්ථාවක් දෙනවා – විපක්ෂ නායක (VIDEO)

Date:

සංචාරක ක්ෂේත්‍රයේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසි කිරීම තුළ එයට විසඳුමක් ලබා දෙන්නට නොහැකි රජයක් අද පවතින බවත් පරාටේ නීතිය සහ ඉඩම් වෙන්දේසිය සම්බන්ධයෙක් කිසිදු සහනයක් ලබා දී නොමැති බවත් ණය හා වාරික ගෙවීමේ මොරටෝරියම් විරාමය අහිමි කිරීම කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ බෙල්ලට තොණ්ඩුවක් දැමීමට සමාන බවත් විපක්ෂ නායකවරයා පවසයි.

අප රට තුළ සංචාරක කර්මාන්තයේ ඇති විශාල ප්‍රශ්නයක් ලෙස ජාතික සංචාරක ප්‍රතිපත්තියක් නොමැතිකම බවත් එය ඇමතිවරයාගෙන් ඇමතිවරයාට වෙනස් වන ප්‍රබලයන් කිහිප දෙනකුගේ වහල්භාවයට ලක්වූ ක්ෂේත්‍රයක් වි ඇති බවත් එහි නියැලි සිටින කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් අමතක කොට සුළු බලවත් කණ්ඩායමක් රජ වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් එය පරාජය කිරීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

සංචාරක ප්‍රතිපත්ති නිර්මාණය වීමේ කේන්ද්‍රස්ථානයන්ට සහ ඊට අදාළ ආයතන වෙත සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින පුද්ගලයන්ට සම්බන්ධ වී ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට සමගි ජන බලවේග රජයක් යටතේ ඉඩහසර වෙන් කර දෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ප්‍රබල දේශපාලන පවුලකට සම්බන්ධ සමහර පුද්ගලයන් රුසියානු සංචාරකයන් පමණක් ඉලක්ක කර ගෙන තමන්ගේ වාසියට එම කටයුතු සිදු කිරිම තුළ සංචාරක කර්මාන්තයේ නියැලි සිටින සාමාන්‍ය ජනතාවට විශාල අගතියක් වන බව යි.

දඹුල්ල ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ නියෝජිත පිරිසක් පෙරේදා (11) විපක්ෂ නායක කාර්යාලයේදී හමුවෙමින් අනතුරුව විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...