කොළඹLNW:2023 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව වාර්තාව මේ වනවිට නිකුත් කර තිබෙන අතර එම නිකුත් කළ වාර්තාවේ අඩංගු කරුණු අනුව මේ වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය ගෙන ඇත්තේ සෘණ 11.5%කි.
එය 2022 වසරේ පළමු කාර්තුවේ හිමිකර ගෙන තිබූ සෘණ 0.5%ක ට වඩා සීඝ්‍ර ලෙස පහළ යාමක් බව දැක්වෙයි.
2022 පළමු කාර්තුවේ දී අයවැය හිඟය රුපියල් මිලියන 524,100ක් වූ අතර මේ වසරේ පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් මිලියන 824,256ක් දක්වා ඉහල ගොස් ඇත.
2022 වසරේ පළමු කාර්තුවේ රජයේ මුළු ආදායම රුපියල් මිලියන 630,908ක් වූ අතර මේ වසරේ පළමු කාර්තුවේ එය රුපියල් මිලියන 820,070ක් ලෙස සටහන් වී ඇත.
2022 මුල් කාර්තුවේ රුපියල් මිලියන 87,259ක් වූ බදු නොවන ආදායම් මේ වසරේ දී තවත් පහත වැටී තිබෙන බවයි වාර්තාවේ දැක්වෙන්නේ. 2023 මුල් කාර්තුවේ බදු නොවන ආදායම රුපියල් මිලියන 77,493ක් ලෙස වාර්තා වෙයි.
2022 දී අපනයන ආදායම (ජනවාරි – මැයි) ඩොලර් මිලියන 5,273ක් වුවත් 2023 වසරේ මුල් කාර්තුවේ දී එය ඩොලර් මිලියන 4,886කි.
ගෙවුණු වසරේ මුල් කාර්තුවේ (ජනවාරි – මැයි) ආනයන වියදම් ඩොලර් මිලියන 8,802ක් වුවත් මෙවර එය ඩොලර් මිලියන 6,791ක් බවට පහත ගොස් තිබේ.
සංචාරක ඉපැයීම් සැසඳීමේ දී 2022 වසරේ මුල් කාර්තුවේ ඩොලර් මිලියන 635ක් වූ අතර එය මේ වසරේ මුල් කාර්තුවේ ඩොලර් මිලියන 828ක් දක්වා ඉහල යාමක් පෙන්වා තිබේ.
විදේශ සේවා නියුක්තිකයින්ගේ ලැබීම් 2022 මුල් කාර්තුවේ දී ඩොලර් මිලියන 1,336ක් වුවත් එය 2023 දී ඩොලර් මිලියන 2,347ක් දක්වා ඉහල ගොස් ඇත. එහෙත් රෙදිපිළි සහ ඇඟලුම් අපනයන ආදායම සම්බන්ධ තත්වය සැළකීමේ දී 2022 ඩොලර් මිලියන 2408.5ක් ලෙස දක්නට තිබූ අතර එය මේ වසරේ මුල් කාර්තුවේ ඩොලර් මිලියන 2030.6ක් දක්නට ලැබෙයි. එය ගිය වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව පහත වැටීමකි.
ගිය වසරේ මුල් කාර්තුවේ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයන වියදම් ඩොලර් මිලියන 2383.8ක් වුවත් මේ වසරේ මුල් කාර්තුවේ එය ඩොලර් මිලියන 2064.8ක් අඩු අගයක් දක්වා පහත ගොස් ඇත.
රාජ්‍ය මුදල් තත්ත්වය පිළිබඳව වන වසර මැද මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.
ASK
