සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): අස්වැසුම අරමුදල පිළිබඳ ඇතැම් වෘත්තීය සමිති නගන චෝදනා පදනම් විරහිත බවත්, අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ සමීක්ෂණ කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 1000ක පමණ අතිරේක මුදලක් වැය වී ඇති බවට පවසන කටකතා අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඒ සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පසුගිය ජනවාරි මස 16 වැනිදා කැබිනට් පත්‍රිකාවක් මගින් එක් අයදුම්කරුවෙකුගේ ප්‍රකාශ ලබා ගැනීම සඳහා රුපියල් 300ක මුදලක් අනුමත කර ඇති බවයි.
ඒ අනුව ඊට සම්බන්ධ වූ 15,000ක පමණ රාජ්‍ය නිලධාරීන්ට මෙම දීමනාව හිමි වූ අතර ග්‍රාම නිලධාරීවරුන් සහ සමෘද්ධි නිලධාරීන් මේ සඳහා දායකත්වය ලබා දුන්නේ නම් ඔවුන්ට ද මෙම දීමනාව හිමි වන බව සඳහන් වේ.
එමෙන්ම සමෘද්ධිලාභීන් අතරින් අස්වැසුම ප්‍රතිලාභ සඳහා අයදුම්කළ පවුල්වලින් සියයට 70ක් අස්වැසුම ප්‍රතිලාභී ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ, අස්වැසුම සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා සහ විරෝධතා පිළිබඳ මේ වන විට සොයා බැලීම් සිදු කරන අතර ජූලි මාසය තුළ අස්වැසුම පළමු වාරිකය ගෙවීමට හැකි බවයි .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??
