ශාරුක් ඛාන්වත් ලංකාවට ගේන අලුත්ම කැසිනෝවට බලපත්‍ර දුන්නේ කවුද ? දැවැන්ත බදු සහනයකුත් දීලාද ??

Date:

ජෝන් කීල්ස් සමාගම හිමිකාරීත්වය දරණ “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” හෝටල් පරිශ්‍රයේ විවෘත කිරීමට නියමිත කැසිනෝ ශාලාව සම්බන්ධයෙන් රටේ විශාල අවධානයක් යොමුව තිබේ. ඒ හේතු දෙකක් මත ය.

පළමු හේතුව මෙම පරිශ්‍රය විවෘත කිරීමේ උත්සවය සඳහා “කිං ඛාන්” වශයෙන් හැඳින්වෙන බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ශාරුක් ඛාන් සහභාගී වීමයි. ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 20කට පසුව වීම විශේෂත්වයකි.

දෙවැනි හේතුව වී ඇත්තේ මෙම කැසිනෝව සඳහා බලපත්‍රය ලබාදීම පිළිබඳ ප්‍රශ්නයකි. මෙය මේ වනවිටත් දේශපාලන ක්ෂේත්‍රය තුළ ආන්දෝලනයට ලක්ව ඇති මාතෘකාවක් බව සඳහන්.

ඒ, මෙම පරිශ්‍රය තුළ කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීම තහනම් කරමින් 2015 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගෙන තිබීම හේතුවෙනි.

වෝටර් ෆ්‍රන්ට් ප්‍රොපටීස්, ලේක් ලෙෂර් හෝල්ඩිංස්, ක්වීන්ස්බරි ලෙෂර් ලිමිටඩ් යන ආයතන සඳහා විශේෂ බදු සහන යටතේ කැසිනෝ ශාලා ආරම්භ කිරීමට ලබාදී තිබුණු අවසරයක් මෙසේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් මගින් අහෝසි කර තිබිණි.

ඒ අනුව, එදා 2015 වසරේදී කැබිනට් පත්‍රිකාවක් මගින් අහෝසි කරන ලද අවසරය 2024 වනවිට එක් සමාගමකට පමණක් නැවත ලබාදුන්නේ කවුරුන්ද, කෙසේද, කවදාද යන ප්‍රශ්න දේශපාලන ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්වෙමින් තිබේ.

කැසිනෝවලට අපේ විරෝධයක් නොමැති බව මුලින්ම සටහන් කළ යුතුය. කැසිනෝ හරහා නියමිත ක්‍රමවේදයන්ට යටත්ව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් ඩොලර් ඉපයීම් වැඩිකර ගැනීම හොඳ දෙයකි. එය රටේ පවතින නීතියට යටත්ව, රටට බදු ආදායම් උපයා දෙමින් සිදුවිය යුතුය.

නමුත් Melco Resorts & Entertainment Ltd. නමැති හොංකොං සමාගමක ආයෝජනයක් මත, සිටි ඔෆ් ඩ්‍රීම්ස් පරිශ්‍රයේ විවෘත කෙරෙන කැසිනෝව අයුතු පරිදි බදු විරාමයක් ලබාගෙන ඇති බවට තොරතුරු ද දේශපාලන ක්ෂේත්‍රය තුළ පැතිර යමින් පවතී.

ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව මත්පැන්, දුම්වැටි සහ කැසිනෝ ව්‍යාපාර සඳහා බදු සහන හෝ බදු විරාම ලබාදෙන්නේ නැත. මෙම ව්‍යාපාර මගින් රජයට ඉහළ බදු ආදායමක් ලබාගත හැකි නිසා මේවායේ ආදායම් බදු ප්‍රතිශතය ද 45%ක් වශයෙන් ඉහළින් පවතී.

කෙසේවෙතත් ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ අලුත් කැසිනෝව මේ 45%ක බද්දට අදාළව බදු විරාමයක් ලබාගෙන ඇති බවක් කියැවේ. එසේ නම් එවන් බදු සහනයක් නීතියට පිටින් මේ ආයතනයට ලබාදුන්නේ කවුරුන්ද යන්නත් ප්‍රශ්නයකි.

මේ තත්වය හමුවේ පාර්ශ්ව රැසක් මීට අදාළව නීතිමය ක්‍රියාමාර්ගවලට යොමුවීමට සූදානම් වන බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න …..

~ විශේෂ ලියුම්කරුවකු විසිනි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...