London Southend ගුවන්තොටුපළේදී ගුවන් යානයක් කඩා වැටෙයි!

රෂිකා හෙන්නායක ජූලි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): :

London Southend ගුවන්තොටුපළේදී ගුවන් යානයක් කඩාවැටී ඇති බව පොලිසිය තහවුරු කර තිබේ.

එසෙක්ස් පොලිසිය පවසන්නේ මීටර් 12 ක ගුවන් යානයක් එහි ගිනිගන්නා බවයි අනුව හදිසි සේවා එම ස්ථානයට පැමිණ සිටින අතර, සිද්ධියට ආසන්නව පිහිටා ඇති රොච්ෆර්ඩ් හන්ඩ්‍රඩ් ගොල්ෆ් සමාජය සහ වෙස්ට්ක්ලිෆ් රග්බි සමාජය නිලධාරීන් ඉවත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසෙක්ස් ප්‍රාන්ත ගිනි නිවන හා ගලවාගැනීමේ සේවාව පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට කැඳවීමක් ලැබුණු බව වන අතර, එම ප්‍රදේශයෙන් වැළකී සිටින ලෙස සේවාව ජනතාවගෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

https://youtu.be/bjPrAJ6CmJw?si=yzSi3Eze09okCnwp

https://youtu.be/au0s-bIu1lY?si=C9nddZVumFj1pynu