පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 14, කොළඹ LNW :

මහරගම, නාවින්න ප්‍රදේශයේදී අද (14) උදෑසන 6.00 ට පමණ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් හතරදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

නාවින්න බස් නැවතුම්පොළේ සිට ප්‍රධාන මාර්ගයට ධාවනය වෙමින් තිබූ බස් රථයක් මහරගම සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබූ තවත් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව මහරගම පොලිසියට පවසයි.

තුවාල ලැබූ මගීන් මේ වන විට කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, එක් බස් රථයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ මහරගම පොලිසිය විසින් සිදුකරනු ලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...