රජය දැන් ජනතාව බලාපොරොත්තු වුණ සියලුම දේට පයින් ගහලා – දිලිත්

රෂිකා හෙන්නායක ජූලි 14, කොළඹ LNW :

ජනතාව මත පනවන බදු සම්බන්ධව රජය බලයට පත්වීමට පෙර සිදුකළ ප්‍රකාශ සියල්ල සහ වර්ථමානයේ ඔවුන් කටයුතු කරන ආකාරය ප්‍රශ්න සහගත වන බව, අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් දිලිත් ජයවීර මහතා පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,

“රජය දැන් ජනතාව බලාපොරොත්තු වුණ සියලුම දේට පයින් ගහලා තියෙන බව දැන් පැහැදිලියි. ජනාධිපතිතුමාට දැන් නම් පවා පටබැඳිලා තියෙනවා බදු කුමාර කියලා. බදු සම්බන්ධව ඔවුන් කලින් කතා කළේ කොහොමද දැන් කතා කරන්නේ මොකක්ද ? දැන් මේ ගහගෙන ගහගෙන යන බදු IMF නාමයෙන්, රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ න්‍යායාචාර්යතුමාගේ වැඩපිළිවෙළ එලෙසම ක්‍රියාත්මක කරමින් ගෙන යන මේ වැඩපිළිවෙළ මේ රටේ මිනිසුන්ගේ උදහසට ලක්වෙලා තියෙනවා. 

ඒ වගේම ලොව පුරා පැනවූ ට්‍රම්ප් බද්ද ආණ්ඩුව මොනවා කියුවාත් උන්න හැටියට මලා මදැයි කියලා දැන් කතාවක් කියමින් ඉන්නවා දැන් අපිට 30%යි ගැහුවේ කියලා. නමුත් යථාර්තය තමයි අපේ සියලු බඩු මත ආනයනය කළාම 30%ක් මිල වැඩියි එතකොට බඩු විකිණෙන්නේ නෑ. එතකොට බඩු විකිණෙන්නේ නැති වුණාම අපේ අපනයනයන් වැටෙනවා. අපනයන වැටුණාම අපේ මිනිස්සුන්ට රස්සා නැතිවෙනවා, රටට ධනය නැති වෙනවා. ඕක තමයි යතාර්ථය.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...