කන්සවේටිව් නායකත්වය වෙනුවෙන් පැවැති ප්‍රථම ඡන්දයේ ජය රිෂී සුනක්ට

එක්සත් රාජධානියේ අගමැති තනතුර දැරූ Boris Johnsonගේ ඉල්ලා අස් වීමෙන් පසු, මීළඟ අගමැති අපේක්ෂකයා හා කන්සවේටිව් නායකත්වය වෙනුවෙන් පැවැති මුල්ම ඡන්දයේ ජය ලබා ගැනීමට චාන්සලර් තනතුරේ සිටි Rishi Sunak සමත්ව තිබේ.

ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 88කි. ඡන්ද 67ක් ලබා ගනිමින් වෙළෙඳ අමාත්‍ය Penny Mordaunt දෙවන ස්ථානයද ඡන්ද 50ක් ලබා ගනිමින් විදේශ ලේකම් Liz Truss තෙවන ස්ථානයටද පත්ව තිබේ. චාන්සලර් නදීම් සහාවි සහ හිටපු සෞඛ්‍ය ලේකම් ජෙරමි හන්ට් තරඟයෙන් ඉවත් කරන ලදී. ඔවුන් ලබාගනු ලැබූ ඡන්ද සංඛ්‍යාව පිළිවලින් 25ක් හා 18ක් වේ. ජයග්‍රාහී පෙළේ රැදී සිටීමට නම් අවම ඡන්ද 30 පමණවත් ලැබිය යුතු බව සඳහන් වේ.

පළමු ඡන්දයෙන් ජයග්‍රහණය ලැබූ කන්සවේටිව් පාක්ෂිකයන් හය දෙනා වෙනුවෙන් අද (14) දින ඡන්ද විමසීමක් කිරීමට නියමිත අතර එසේ පිළිවලින් ප්‍රධාන තරඟකරුවන් දෙදෙනකු වන තෙක් මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ. සුව ටෝරි සාමාජිකයින් 160,000 ක් පමණ ඊළඟ පක්ෂ නායකයා සහ අගමැති වීමට කැමති අපේක්ෂකයා තීරණය කරයි.

බොරිස් ජොන්සන්ගේ රජය පවත්වාගෙන යාමට විරෝධය පළ කරමින් පසුගිය සතියේ චාන්සලර් ධුරයෙන් ඉවත් වූ Rishi Sunak මහතා ඡන්ද ප්‍රතිඵලය සමඟ තමාට විශිෂ්ට හැඟීමක් ඇති වූ බව BBC වෙත ප්‍රකාශ කර තිබිණ. එමෙන්ම දෙවන ස්ථානය දිනාගනු ලැබූ Penny Mordaunt මහත්මිය ප්‍රකාශ කර තිබුණේ මෙය තමාට ඉතා ගෞරවණීය අවසිථාවක් බවයි.

ඊයේ දිනයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පසුපෙළ මන්ත්‍රීවරයෙකු වන Tugendhat මහතා ට්වීට්හි අපූරු සටහනක් කර තිබිණි. එනම් “මෙය අපූරු ප්‍රතිඵලයකි. මේ රට යහපත් අතට හැරවීමට අවශ්‍ය ගම්‍යතාව සමඟින් මීළඟ වටයට යාමට ලැබීම ගැන මම සතුටු වෙමි. අපේ රටට පිරිසිදු ආරම්භයක් අවශ්‍යයි.” යනුවෙනි.

සශිකලා මධුෂාණී_

සබැඳි ලිපි: https://outboundtoday.com/%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b6%bb%e0%b7%8a%e0%b7%80%e0%b7%9a%e0%b6%a7%e0%b7%92%e0%b7%80%e0%b7%8a-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%bd/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...