රටම නොසන්සුන්, පක්ෂ නායක රැස්වීමේ එකඟතා අනුව කටයුතු කරන්න – ඩලස්

Date:

පසුගිය 09 වැනිදා පක්ෂ නායක රැස්වීමේදී ඇතිකර ගත් එකඟතා අනුව කටයුතු කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. එසේ නොමැති වුවහොත් රට තවදුරටත් නොසන්සුන් වනු ඇති බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

පක්ෂ නායක රැස්වීමේදී, නව ජනාධිපතිවරයෙකු හා අගමැතිවරයෙකු පත්කර ගැනීමට පක්ෂ නායකයන් අතර එකඟතාවයක් ඇති වූ අතර එම එකඟතාවය අනුව නව ජනාධිපතිවරයෙකු හා අගමැතිවරයෙකු හැකි ඉක්මනින් පත්කර ගත යුතු බව මන්ත්‍රීවරයා පවසනවා.

ගැටලුවලට විසඳුම් ලබාදීම ප්‍රමාද වන තරමටම රටේ පවතින නොසන්සුන්කාරී තත්වය තවදුරටත් උග්‍ර වනු ඇති බවත්, එවිට ශ්‍රී ලංකාව නීතියක් නොමැති රටක් බවට පත්වීම කිසිවෙකුටත් නතර කළ නොහැකි වනු ඇති බවත් ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...