ජනාධිපතිගේ ලිපිය තාමත් නෑ – ධුරය හැරගියා සේ සළකා කටයුතු කිරීමේ නීතිමය හැකියාව ගැන සොයා බලයි

Date:

පසුගිය 09 වැනිදා අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කර ගැනීමෙන් පසුව පළාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 13 වැනිදා ධුරයෙන් ඉල්ලා අස්වන බව කතානායකවරයා වෙත දැනුම් දී තිබිණි. ජනාධිපතිවරයා පොරොන්දු වූ කාලසීමාව ඉක්ම ගොස් මේ වනවිට පැය 12 කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසන්නේ තවමත් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලබා දී නොමැති බවයි.

ඉල්ලා අස්වීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් ජනාධිපතිවරයා සිය ධුරය අතහැර ගියා සේ සලකා ඉදිරි කටයුතු සිදු කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ. මහින්ද යාපා අබේවර්ධන මහතා, සිරස නිවුස් ෆස්ට් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබෙන්නේ ජනාධිපතිවරයා සිය ධුරය අතහැර ගියා සේ සළකා ඉදිරි කටයුතු සිදු කිරීමට අදාල නීතිමය ප්‍රතිපාදන පිළිබඳව මේ වනවිට සොයා බලමින් සිටින බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාර්තුවක් ලංකාවට කාර්තු දෙකක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

මාලිමාව බදූර්දීන්ගේ පක්ෂයත් සමග එක්ව කුරුණෑගල බලය අල්ලයි

කුරුණෑගල මහ නගර සභාවේ බලය අත්පත් කරගැනීමට ජාතික ජන...

ඉරාන – ඊශ්‍රායල යුද්ධයේ නව ප්‍රවණතා හා හැරවුම්…..?

අශෝක ජයතුංග ජූනි 18 වොෂින්ටන් LNW : 🍎ඊශ්‍රායලය කෑ සුපරිම කෑම.?🍎මොසාඩ්...

2025 පළමු කාර්තුවේ ආර්ථිකය වර්ධනය වුනේ කොහොමද ?

මෙම වසරේ (2025) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.8%ක...