පෞද්ගලික ජෙට් යානයක් මාලදිවයිනට – ගෝඨාභය සිංගප්පූරුවට යාමට සූදානම් !

Date:

මේ වනවිට පෞද්ගලික ජෙට් යානයක් මාලදිවයිනේ, මාලේ අගනුවර ගුවන් තොටුපල වෙත ගොඩබස්වා ඇති බව වාර්තා වේ. මේ වනවිට මාලේ අගනුවර රැඳී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස එම ජෙට් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව යාමට සූදානමින් සිටී.

සිය බිරිඳ සහ ආරක්ෂකයන් දෙදෙනකු සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින වෙත ගොස් තිබුණේ වෙනත් රටකට පිටත්ව යාමේ අරමුණෙනි. මාලදිවයිනෙන් පිටත්වීම සඳහා ජෙට් යානයක් ලබාදෙන ලෙස රාජපක්ෂ මහතා මාලදිවයින් බළධාරීන්ගෙන් ඉල්ලා තිබූ අතර පෞද්ගලික ජෙට් යානයක් මාලේ ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙන්නේ ඒ අනුවයි.

සිංගප්පූරුවට ගොඩබැසීමෙන් අනතුරුව අද පස්වරුවේ රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළොන්නාව සභාවේ මාලිමාවට සහය දැක්වූ සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ සභාපති සහ උප සභාපති පත්කිරීමේදී...

කොළොන්නාවේ සභාපති පත්කරගැනීමත් උණුසුම් – සමඟි මන්ත්‍රීගේ සහයෙන් බලය මාලිමාවට!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව...

ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : ගාසා තීරයේ ආධාර...

ව්‍රායි වැඩ අරඹයි!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනි ලෙස...