ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ගමන් කරන SV 788 ගුවන් යානය මේ වනවිට සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගොඩබස්වා ඇති බව වාර්තා වේ.
සෞදි අරාබිය දක්වා ගමන් කිරීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව වෙත පැමිණියේ මාලදිවයිනේ මාලේ නගරයේ සිටයි.
සිංගප්පූරුවට පැමිණි රාජපක්ෂ මහතා වෙනත් ගුවන් යානයකින් සෞදි අරාබියේ ජෙඩා නගරය දක්වා ගමන් කරනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
SV 788 ගුවන් යානයේ මෙම ගුවන් ගමන වාර්තාගත ගුවන් ගමනක් බවට පත්වූයේ ලොව වැඩිම පිරිසක් නිරීක්ෂණය කරමින් තිබූ ගුවන් ගමන ලෙසයි.
UN