යළිත් හර්තාල් – සියලු වෘත්තීය සමිති එක්වෙයි

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරවලින් ඉල්ලා අස්වන්නැයි බල කරමින් අඛණ්ඩ හර්තාල් වයාපාරයක් හා වැඩවර්ජනයක් සිදු කිරීමට සිදුවන බව වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

එවැනි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගතහොත් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශයේ සියලු කටයුතු අඩාල විය හැකි බවයි වෘත්තීය සමිති පවසන්නේ.

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළේය. අඛණ්ඩ වැඩවර්ජනයේ පළමු පියවර ලෙස හෙට සිට වැඩබිම් මට්ටමින් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ඔවුන් පෙන්වා දෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් රටපුරා දැවැන්ත විරෝධතා දියත් වන නමුත් තවමත් ඔවුන් දෙදෙනා සිය තනතුරු බලහත්කාරී ලෙස දරමින් සිටින බව පෙන්වා දෙන වෘත්තීය සමිති පවසන්නේ වැඩවර්ජන, හර්තාල් ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග හරහා ගෝඨාභය – රනිල් දෙදෙනාට තවදුරටත් බලපෑම් සිදු කරන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...