*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

පළමුව වැටුණේත් අපියි ! පළමුව නැගිටින්නේත් අපියි ! – රට බේරා ගැනීම සිදු විය යුත්තේ කෙසේද? – වෛද්‍ය ගාමිණී අභය

    මෙපමණ කලක් තමා තුළින් නිවන් දැක බුද්ධිමත් වීමේ ක්රමය පැහැදිලි කර දුන්නද, දේශපාලනය පිලිබඳ  දේවලට සම්බන්ධ නොවී රට වැටී ඇති භයානක හා  ඛේදවාචක තත්ත්වය  පිළිබඳව මගේ නිදහස් අදහස පැහැදිලි නොකළොත් එය වගකීම පැහැර හැරීමක් වෙන නිසා මෙවැන්නක් ලියන්නට අදහස් කෙරිණි. මට මෙන්ම දැනට රටේ සිටින සියලු දෙනාටම මේ ගැන අදහස් ඇත. මෙතෙක් කල් ඒ ගැන නොසිතූ අයට ද එවන්නක් ගැන විමසා බැලීමට සිදුවී ඇත. එසේ සිදු වී ඇත්තේ තම තමාට ජීවත්වීමට අවශ්යය  මූලික අත්යාවශ්ය සේවා අඩපණවී  වී හීන වී ඇති නිසාය.

    එය පටන් ගත්තේ කොවිඩ් වසන්ගතයෙන් පසුවය. ඊට පෙර රටේ ආර්ථිකය දුර්වලවී තිබුනත් යන්තම් හෝ අත්‍යාවශ්‍ය දේවල් සපයා ගැනීමට සමත් විය. එම සමයේදී රට වසා දමන්ට එපා යයි මම ගෝඨාට දැන්වීය. කොවිඩ් පාලන කල හැකි වෙනත් ක්‍රමයක්ද ඉදිරිපත් කළෙමි. එම ලිපිය මෙම වෙබ් අඩවියේ පළවිය. තැපැල් කරණ ලද ලිපියකින්ද ඔහුට දැනුම් දුනි. ජනපති උපදේශකයින්ටද දැන්වීය. රට වැසුවොත් ආර්ථිකය දුර්වලවී ඉදිරියේදී කෑමත් නැතිවන තත්වයකට රට වැටෙන බව ඔහුට දැන්වීය. ඒ අවුරුදු දෙකකට පෙරය. එහෙත් ඔහු එය නොසැලකුවේය. ප්‍රතිචාරයක්ද නොලැබුණි.

    වර්තමානයේ රටේ උදාවී ඇති  තත්ත්වයට වගකිව යුත්තෝ බොහෝය. ඒ අතරින් දේශපාලකයෝද දේශපාලන පක්ෂ ද තවදුරටත් සඳහන් කළ යුතු නැත. නමුත් බොහෝ දෙනාට අමතක වී ඇත්තේ හෝ නොසළකා ඇත්තේ මේ රටේ ඇති ප්රජාතන්ත්රවාදය නම් වූ ජනතාව උසිගන්වා, බැලූ බැල්මට අර්ථයෙන් ආකර්ෂණීය වූ නමුත් ප්රජා අයිතිවාසිකම් කඩා බිඳ දැමු යල්පැනපු ක්රමයක් දැන් පණ අදිමින් ක්‍රියාත්මක වෙන බවය. මෙම ප්රජාතන්ත්රවාදය ජන මන රවටා, ඔවුන්ගේ අභිලාෂයන් ඉටු නොකර, රට බංකොලොත් භාවයට පත් කළ, නමුත් මතුපිටින් හොඳ යැයි සිතෙන, සෑම දෙනා විසින්ම ආරක්ෂා කළ යුතු යැයි මොළ සෝදන ලද, නීති තිබුණ ද  පිළිනොපදින, රට ප්රපාතයට ඇද දැමූ දෙයක් බවට ඉතිහාස ගතවනු ඇත.

    ලංකාවේ පමණක් නොව දැන් ක්රියාත්මක වන හැටියට ප්රජාතන්ත්රවාදය තුළින් මුළු ලොවේම රටවල් දුර්වල වී ඇත.

ප්රජාතන්ත්රවාදී පාලකයින් මූලික වශයෙන් හැසිරිය යුත්තේත්, තීරණ ගත යුත්තේත් සත්යය ප්රකාශ කරමින් හා අවංක භාවයෙන්ය. එය  අධ්යාපනයෙන් හා අධ්යාත්මයෙන් ලබාගන්නා දෙයකි. එවැනි අධ්යාපනයක් නො ලද අය පාර්ලිමේන්තුවට හා ආයතන ප්රධානීන් වීමට ජනතාවගේ කැමැත්ත ලබා ගැනීම ලංකා ප්රජාතන්ත්රවාදයේ මුදුන් කො වී ඇත.

    මෙසේ ජනතාව රවටමින් නුසුදුසු අය දේශපාලකයින් ලෙස පත් කිරීමට යොමුවන ආයතන තුනක් ලංකාවේ ක්රියාත්මක වේ.

1.  දේශපාලන පක්ෂ, දේශපාලකයෝ හා ඔවුන්ගේ සංවිධායකයෝ.

2.  මිත්යාව පතුරවා ජනතාවගේ මොළ සෝදා දුප්පඥ්ඥ භාවයට පත් කොට, දේශපාලකයින් පවසන්නේ සත්යය බැව් පිළිගැනීමට ඔවුන් නැඹුරු කළ ආගමික පූජකවරු.
3. මිත්යාව වපුරවන මාධ්යයන්.

    දැනට ලංකාවේ උදාවී ඇති තත්ත්වය පිළිබඳව වගකිය යුතු, ජනතාව බුද්ධිමත් වීම වැළැක් වූ මෙම ආයතන තුනේ ක්රියාකාරිත්වයන් මතුපිටින් නොපෙනෙන  අන්දමට ජනතාව තුලට කා වැදී ඇත.

    ප්රජාතන්ත්රවාදය යැයි නම් කළ ද මෙරට ප්රජාතන්ත්රවාදයක් ක්රියාත්මක නොවේ. එහි ව්යවස්ථාව යනුවෙන් දෙයක් ඇතත් එයට පටහැනි යම් යම් නීති, ගැසට් නිවේදන තුළින් වරින් වර අමාත්යාංශ වලින් නිකුත් වූ බව පසුගිය වසංගත සමයේ පැහැදිලි විය. එහිදී ව්යවස්ථාව ආරක්ෂා කළ යුතු යැයි කියන නීතිවේදි යෝ ද නිහඬ වුණි.

    මෑත කාලයේ දී ප්රජාතන්ත්රවාදය හාස්යයට ලක්වුන දේවල් සිදු වී ඇත. ප්රජාතන්ත්රවාදය යන නම තුළින් එකල තිබූ ව්යවස්ථාවට අනුකූල නොවන අන්දමින් විදේශ පුරවැසියෙක් ජනාධිපති තනතුරට පත් විය. එහිදීද නීතිඥයෝ  නිහඬ වුනි. මහජන ඡන්දයකින් පත් නොවූ අයෙක් අගමැති ධුරයට ද, දැන්  වැඩ බලන ජනාධිපති ධුරයට ද පත්වී තිබේ. එවැන්නකට සහයෝගය දුන් අනෙකුත් මන්ත්රීවරුන් ප්රජාතන්ත්රවාදය බිඳ දැමීමට දායක වී ඇත. පාර්ලිමේන්තු මැතිවරණ තුළින් පැරදුණු අය, නැවත පස්සා දොරින් එයට ඇතුළුවීමට එම ප්රජාතන්ත්රවාදී ව්යවස්ථාව වෙනස් කරගෙන ඇත. එසේ කරන්නේ නම් ජනතාවගේ අදහස් විමසන පාර්ලිමේන්තු හා ජනාධිපති මැතිවරණ වලින් පලක් නොවේ.

    තවද එසේ පත් වූ  ප්රජාතන්ත්රවාදය යනු කුමක්දැයි දැන ගැනීමට අධ්යාපනයක් ලබා නොගත් මැති ඇමතිවරු  විසින් ඔවුන්ට අනුකූල වන සේ විටින් විට වෙනස් කරන ලද ව්යවස්ථාවක් ද ඇත. ප්රජාතන්ත්රවාදය තුළ ඕනෑම පුරවැසියෙකුට ඡන්දයකින් එම ජන රජයේ ජනාධිපති විය හැකි වුවද, ලංකා ව්යවස්ථාව තුළ එසේ කළ නොහැක. ජනාධිපති අපේක්ෂකයෙකු වීමට නම් ඔහුට වත්මන් ව්යවස්ථාවට අනුව පක්ෂයක් තිබිය යුතුය. පක්ෂයක් ලියා පදිංචි කර ගැනීමට නම් අවුරුදු හතරක් දේශපාලනයේ  නියැලී සිටිය යුතුය. පක්ෂ  ලියාපදිංචි කිරීම පසුගිය කාලයේ අවුරුදු හතක් පමණ කාලයක් නවතා තිබිණි.

    මේ සියල්ලකින්ම සිදුවී ඇත්තේ ඇත්තේ රටේ කිසියම් කොටසකට පමණක් රට පාලනය කළ හැකි ලෙස ඊනියා ප්රජාතන්ත්රවාදී පෞද්ගලික ව්යවස්ථාවක් බවට පරිණාමයට පත් කරගෙන ප්රජාතන්ත්රවාදය රෝගී කිරීමය. දැන් එය අවසන් හුස්ම  හෙළමින් සිටී.

    මෙවැනි ජනතාව රවටන ප්රජාතන්ත්රවාදී ක්රමයකින් රටට ප්රතිඵල ලැබී නැති බව කිව යුතු නොවේ. මහජන ඡන්දයකින් අවුරුදු තුනකට පෙර පත් වුනු ජනාධිපතිට හදිසියේ මැදියම් රැයේ රටින් පලා යාමට සිදුවී ඇත්තේ මේ ඊනියා ප්රජාතන්ත්රවාදී ක්රමය නිසාය. මෙවැන්නන් ජනතාව අසලට එන්නේ මැතිවරණයකදී පමණි. මහජනතාව අසල නොසිටි මෙවැනි ජනාධිපතිවරු පත්වන්නේ ලංකා  ප්රජාතන්ත්රවාදී මැතිවරණයක දී පමණි. දැන් එවැනි  ප්රජාතන්ත්රවාදයක අවසන් අවස්ථාව පැමිණ ඇත.

    ප්රජාතන්ත්රවාදය අවසන් වීම ඒකාධිපති පාලනය නොවේ. මේ දෙක හා කොමියුනිස්ට්,  සමසමාජ හා වෙනත් න්යාය වලට අයත් නොවූ මහජනයාගේ සුවසෙත සඳහා වූ ජනතාව සමග ළඟින් සිට ඔවුන් සමග එකතු වූ, ඔවුන්ගේ අදහස් සලකා බලන, සත්යයයෙන් ජයගතහැකි, ජනතාව බුද්ධිමත් කරවන, අලුත් නිෂ්පාදන ඇති කර රට පොහොසත් කරවිය හැකි, සාමකාමීව ජීවත් විය හැකි, නීතිගරුක වූ බුද්ධිමත් සමාජයක් වෙනත් ක්රමයකින් බිහි කළ හැක.

    නමුත් එය මහජනතාව රවටා පාර්ලිමේන්තුවට පත්වුණ අය තමන්ගෙන් පිට පාලනයක් ඇති නොවීමට සම්මත කරගත් ව්යවස්ථාවක් වැනි නීති පද්ධතියක් තුළ සිදුවන්නක් නොවේ. එයද ව්යවස්ථාවක් වුවත් තම තමන්ගේ අභිලාෂයන් ඉටු කර ගැනීමට වෙනස් විය හැක්කක්ද නොවේ. ජනතා පරමාධිපත්ය තහවුරු වන, ජනතාව සමග ළඟින් සිට, ඔවුන්ගේ අදහස් ද විමසා නිෂ්පාදනය වෙන සහ පාලනය කෙරෙන එම ව්යවස්ථාවේ අධ්යාපනයක් ලද ඕනෑම කෙනෙකුට පක්ෂයක් නොමැති ව වුවද ජනාධිපති විය හැක. එහිදී රට පාලනය කළ යුත්තේ ඒ ඒ ක්⁣ෂේත්රයන්  පිළිබඳ ව දැනුමක් ඇති අය ය. මහජන නියෝජිතවරු කරන්නේ ඡන්දයෙන් පත් ව වාද විවාද කොට පාලනය නිවැරදි පැත්තට හරවන උපදෙස් දීම පමණි. මෙවැන්නකට  ළඟින් යන ක්රමයක් ඇමරිකාවේ  ක්රියාත්මක වේ. එවිට ඡන්දයෙන් පත් වුන අයට තමන්ගේ මඩි තර බාරු කළ නොහැක. එහිදී දේශපාලනයෙන් නිදහස් වූ අධිකරණයක් ක්රියාත්මක වේ. නීති අනුමත කිරීම ද මහජන නියෝජිතයන්ගේ  කාර්යය වේ.

    වත්මන් ලංකා  ප්රජාතන්ත්රවාදය හා ව්යවස්ථාව දැන් කුණු ගොඩකි. නීතිඥයෝ ද මේ කුණු ගොඩට නීතිය යයි කියමින් එය ආරක්ෂා කිරීමට සැරසෙති. වත්මන් ව්යවස්ථාවේ රටට සුදුසු නීති ද ඇත. නමුත් පාර්ලිමේන්තුව,  ජනපති අගමැති, හා ඇමති ක්රියාත්මක වන කොටස් ප්රතික්ෂේප කළ යුතුව ඇත. වත්මන් නීතිඥයෝ ද, නීතිඥයින් නිසා නීතිය ක්රියාත්මක කිරීමට උපකාර කරන්නන් වුවත් මෙම නීති සම්පාදනය කළ දූෂිත ආයතනයෙහි සිටින අය, ඔවුන් පත්වී ඇති ආකාරය හා එම නීති සම්පාදනය වූ ආකාරය ගැන ප්රශ්න නොකරති.

    ජනතා පරමාධිපත්යය වත්මන් ව්යවස්ථාවේද මූලික කරුණකි. නමුත් එය කිසි දවසක මහජන ඡන්දයකින් අනුමත වූවක් නොවේ. එය අනුමත කරගත් සමහර අය මහජන ඡන්දයකින් පත් වූ අය ද නොවේ. එය අනුමත කරගත් මන්ත්රී වරු තම තමන්ගේ කොට්ඨාශවල ජනතාවගේ අදහස් පාර්ලිමේන්තුවේ දී ද ප්රකාශ නොකරති. මහජන පරමාධිපත්යයයේ පලවැනි පියවර ව්යවස්ථාවට පිටින් මහජනයා විසින් වත්මන් ජනාධිපතිවරයා පලවා හැරීම යි. එය වත්මන් ව්යවස්ථාව තුළින් සිදු නොවූවක් බව නීතිඥයෝ ද පිළිගත යුතුය. ව්යවස්ථාවට අනුව වත්මන් ජනාධිපති පත්වූයේ ද මහජන ඡන්දයකින් වන අතර. නැවත එම ධුරයෙන් අස් කළ හැක්කේ ද මහජන ඡන්දයකින් හෝ දෝෂාභියෝගයකින් පමණි. නමුත් ඡන්දයක් නොමැතිව මහජන විරෝධතාව තුළින් ඔහු පත් වූ අවුරුදු පහේ සීමාව තුළදී ම, ජනාධිපති පලවා හැර ඇත. දැන් ඉතිරි දූෂිත පාලකයෝ ද තවමත් ඔවුන්ගේ අභිලාෂය ඉටු කර ගැනීමට හරවා ගත් ව්යවස්ථාව තුළ රැඳී මහා ජනයා රවටමින් රට තව තවත් ප්රපාතයට ඇද දැමීමට සැරසෙති.

    මෙතරම් ඛේදවාචකයකට රට ම පත් කළ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කිසිවෙක් තම තනතුරුවලින් ඉල්ලා අස් වී නොමැත.

ඒ ව්යවස්ථාවට අනුව ඔවුන් ද අවුරුදු පහක කාල සීමාවකට පත් වී ඇති හෙයිනි. අවුරුදු තුනකින් රට  බංකොලොත් රාජ්යයක් බවට පත් කළ ඔවුන් පළවා හැරීමට මේ ව්යවස්ථාව තුළින් නොහැකිය.

    ජනපති පලවා හැරිය ක්රමයටම ඔවුන් ද පලවා හැරීම හැර වෙන ක්රමය ක් (ඉතිරි අවුරුදු දෙක තුළ) නොමැත.

එසේ වුවහොත් තවදුරටත් පෞද්ගලික ප්‍රයෝජන ලබන වත්මන් ව්යවස්ථාව ක්රියාත්මක නොවේ.

එවිට රාජ්යය  භාර බාරගන්නේ කවුද ?

    දැනට පාර්ලිමේන්තුවේ සිටින කවුරුන් හෝ ඊට පෙර  පාර්ලිමේන්තුවේ සිටි කවුරුන් හෝ නොසළකා මීට පෙර දේශපාලනයට සම්බන්ධ නොවූ , හමුදාවවල උසස් නිලධාරීන් නොවූ, අධ්යාපනයක් ඇති, දූර දර්ශී අවංක බුද්ධිමතුන් ලංකාවේ ඇත. මහජනයා විසින් එවැනි අයව යෝජනා කර එක් අයෙක් තෝරා, වත්මන්  ව්යවස්ථාවට පිටින්, පාර්ලිමේන්තුව හරහා නොගොස් ජනාධිපති ලෙස තාවකාලිකව පත් කළ යුතුය.

එවිට පාර්ලි මේන්තුව ද, එවැනි දූෂිත පාර්ලිමේන්තු ක්රමය විසින් අනුමත කොට ඔවුන්ගේ පැවැත්ම සඳහා වෙනස් කරගත් ව්යවස්ථාව ද අහෝසි වනු ඇත. එය මහජන පරමාධිපත්‍යයයි. එය සනාථ කර ගැනීමට ඡන්දයක් තිබීමට සුදුසු වාතාවරණයක් ඇතිවූ විට එසේ කරගත හැක.

    එවැනි ඡන්දයක් නැතුව, ව්යවස්ථානුකූල නොවන ක්රමයක් හරහා පත්වීමකින් රට භාර දීම සමහරුන්ට කලබල විය හැකි කරුණකි. නමුත් ඔවුන් පහදා ගත යුත්තේ දැනට ඇති බලය සීමා කරගත් ව්යවස්ථාව හා පාර්ලිමේන්තු ක්රමයෙන් නීතිය ක්රියාත්මක නොවූ, දූෂණ පිරි රටක් බංකොලොත් වී ඇති බවයි. යම් කිසි කාලයක සමහර විට අවුරුද්දකින් හෝ දෙකකින් රටේ තත්ත්වය හොඳ අතට හැරුණු විට අලූත් ව්යවස්ථාවක් මහජන මතයකින් සම්මත කරගත හැක.

    නීතියට කැමති නීතිඥයෝ ද “ගෝටා ගෝ ගම” ට බැස්සේ ව්යවස්ථානුකූල නොවන ක්රමයකින් ජනාධිපති ඉවත් කිරීමට ය.

එය ව්යවස්ථානුකූලව සිදුවූයේ නම් ඔහු මහජන ඡන්දයකින් පරාජය කළ යුතුව තිබිණි. නැතිනම් දෝෂාභිරෝපණයක් සම්මත විය යුතුය. එය එසේ සිදු නොවුනි. එවැනි වාතාවරණයක් තුළ දැන් ව්යවස්ථානුකූලව වැඩ කළ යුතුයැයි නීතිඥයින් විසින් ප්රකාශ කිරීම හාස්යයට කරුණකි.

    රට මෙවැනි තත්ත්වයකට භාජනය වී ඇත්තේ ලංකා ප්රජාතන්ත්රවාදයත්, ලංකා ජන රජයේ ව්යවස්ථාවත්  නිසාය.

ලංකා “ජන” රජය කියා කීවත්  එය “ජන” අදහස් තුළින් පාලනය වන ක්රමයක් නොවේ.

   රනිල් තමාගේ පෞද්ගලික අභිලාෂ ඉටු කර ගැනීමට ජනපතිට තිබූ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ද අවුරුදු  4 1/2 ක් පසුවන තෙක් සීමා කළේය. එවිට එය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයකින් පමණි. පාර්ලිමේන්තුවට පත් වූ හෝ පස්සා දොරෙන් ඇතුළු වූ මොවුන් තම තමාගේ රැකියාව දීමනා හා සුඛෝපභෝගී ලාභයන් අවසන් කර ගැනීමට ඔවුන් ම කැමැත්තෙන් යොමු වන්නේ කෙසේදැයි රනිල්ට තේරුම් ගියේ නැත.

    සාමාන්යයෙන් රටක් අමාරු තත්ත්වයකට පත් ව සිටිය දී රජය ඉවත්ව නැවත ඡන්දයක් පැවැත්විය යුතුය.  අන් රටවල ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වන්නේ එසේය. නමුත් රටට මෙතරම් ඛේදවාචකයක් වී ඇතත් පාර්ලිමේන්තු ක්රමය හා ව්යවස්ථාව හරහා මැතිවරණයකින් අලුත් පාලකයින් පත් කිරීමට නොහැකි වන සේ ව්යවස්ථාව වෙනස් කොට තිබීම දූරදර්ශී ක්රියාවක් නොවේ. පෞද්ගලික අභිලාෂයන් සඳහා ව්යවස්ථාව විටින් විට වෙනස් කොට මැතිවරණයක් තුළින් ඇතුල් නොවී අගමැති වී තවත් එහි රැඳී සිටීමට දරන ප්රයත්නයද  හෙලා දැකිය යුතුය.

    එය රටට කරන සේවයක් නොවේ. අවස්ථා පහක් මීට පෙර අගමැති වී සිටිය ද,  දශකයකට වැඩි කාලයක් අගමැති වී සිටිය ද රට මෙවැනි තත්ත්වයකට පත්වීම නිසා ඔහු දැන්වත් රට වෙන අයෙකුට භාර දිය යුතුය. විටින් විට කරන ලද ව්යවස්ථා සංශෝධනයන් තුළින් හා ප්රජාතන්ත්රවාදය ක්රියාත්මක වූ ආකාරය තුළින් සිදු වූ දූෂිත, මහජන අදහස් නො තකන දේශපාලනය නතර කළ හැක්කේ වත්මන් පාර්ලිමේන්තුවටත්, ව්යවස්ථාවටත් පිටින් සුදුසු අයෙකුට රට තාවකාලිකව බාර දීම මගින් ය. රටේ තත්ත්වය හොඳ අතට පත් වූ විට  නැවත ව්යවස්ථාවක් ‘මහජන ඡන්දයකින්’  සම්මත කරවා ගත හැක. එය කළ යුත්තේ පාර්ලිමේන්තුව හරහා නොවේ.

    කෙසේ වෙතත් බංකොලොත් වූ විට නැවත ණය ලබා ගැනීමෙන් වන්නේ කබලෙන් ලිපට වැටීමය. විශ්වාස කළ නොහැකි පාලකයින් සිටින තාක් පිටරට සිටින ලාන්කිකයන්  ලංකාවට මුදල් එවන්නේ ද නැත. අරගලය පවතින තාක් කල් විදේශ සංචාරකයින් රටට පැමිණෙන්නේ ද නැත. මේ නිසා වහාම 225 ම ඉවත් වී අලූත් රටක් බිහි කිරීමට ඉඩ සැලසිය යුතුය.

දැන්  එසේ නොකළහොත් ලංකා ප්රජාතන්ත්රවාදය හා “ජන” රජය යැයි කියාගන්නා ජනතා අනුමැතිය නොලත් ව්යවස්ථාවද ජනතා පරමාධිපත්‍යයේ පීඩනයෙන්ම මිය යනු ඇත.

     එවැන්නක් සිදුවීමට වත්මන් පාලකයින්ගේ ඇති විරුද්ධත්වය නිසා තවත් කල් යෑමෙන් ලංකාව නැමති රෝගියා හොඳ කළ නොහැකි අසාධ්‍ය තත්වයකට පත් විය හැක. රටට කරණ සේවයක් වශයෙන් වත්මන් 225 කළ යුත්තේ සියල්ලම ඉල්ලා අස්වී අලුත් ක්‍රමයකට රට ගොඩ නැගීමට ඉඩ දීමය. එසේ වන තෙක් අරගලය දික්වන ලකුණු ඇත.

    ලක්දිව ප්රජාතන්ත්රවාදය පණ අදින වගයි ……..

වෛද්‍ය ගාමිණී අභය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan