*
Friday, May 3, 2024
spot_img

Latest Posts

මාලිමාවේ රැල්ලට මොකද වුණේ – හරිනිගෙන් පිළිතුරු

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර නොමැති අවස්ථාවක තම පක්ෂය සාමාන්‍යයෙන් කරන්නේ බිම්මට්ටමේ සංවිධාන ශක්තිමත් කිරීම බවත් එවන් සංවිධාන වැඩ සඳහා පිරිස් පැමිණීමේ අඩුවක් නොමැති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

“රැල්ලකට ආපු දෙයක් නෙවෙයි, අපි දකින්නේ මැතිවරණ ව්‍යාපාරය තුළ ජනතාවගේ මූඩ් එක වෙනස්. එතකොට දේශපාලනයත් එක්ක සහභාගී වෙන විදිය වෙනස්. අපේ ව්‍යාපාරයත් එතකොට සාමාන්‍ය තත්වයක් තුළ නෙවෙයි, මැතිවරණ රැස්වීම්, අරකද, මේකද, ඉලක්කයක් කරා යන ගමනක තියෙන වැඩසටහනක් තුළ ජනතා සහභාගීත්වය වෙනස් විදියේ සහභාගීත්වයක්. නමුත් අපි දේශපාලන ව්‍යාපාරයක් විදියට මේ දවස්වල සහ මැතිවරණයක් නැති කාලෙක අපි සාමාන්‍යයෙන් කරන්නෙ පොළවට බැහැලා අපේ සංවිධානය ශක්තිමත් කරන එක. ඉස්සර වගේ මහා උනන්දුවෙන් රැස්වීම්වලට එන්නෙ නැතිවුණාට හම්බුණාම කතා කරද්දී කියන්නෙ අපි ඉන්නෙ මැතිවරණයක් එනකල් කියලා. සංවිධාන වැඩවලට සහභාගී වීමේ අඩුවක් අපට එහෙම පේන්නෙ නෑ. අනික අපට රැල්ලක් පවත්වාගෙන යනවාට වඩා අපට තියෙන අවශ්‍යතාවය සබුද්ධිකව, දැනුවත්ව අපිත් එක්ක එකතුවෙන ජනතාව එකතු කරගන්න සංවිධානය ශක්තිමත් කරන එකයි”

හරිනි අමරසූරිය මහත්මිය මේ බව පැවසුවේ නෙත් එෆ්. එම්. ගුවන්විදුලි නාලිකාවේ වැඩසටහනකට සම්බන්ධ වෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan