සටහන – නිශ්මං රණසිංහ
ජූලි 15, LNW කොළඹ: ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙක් ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබද්දී ඒ අනුව තවත් පිරිසකට ඒ ගමණට එකතු වෙන්නට අවස්ථාව උදා වුව ද,මෙවර එම පිරිස සීමා කර ඇත.ඒ සීමාවන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන්ම පැනවෙන ඒවාය.
මේ සීමාවන් ඇතුළේ පිරිස නම් කරද්දී නොසළකා හැර ඇත්තේ ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ය.ඔවුන් මේ ගමන සඳහා සූදානම් වෙද්දී ඔවුන්ට මුහුණ පාන්නට සිඳු වූ සියලු සෞඛ්‍ය ප්‍රශ්න නිරාකරණය කළේ ක්‍රීඩා වෛද්‍ය ආයතනය ය.ඒවා පිළිබඳ දත්ත එක් රැස් වී ඇත්තේ ද ඔවුන් ළඟය.ඔවුන්ව යම් යම් ආබාධ මතු නොවන්නට සම්භාහන කටයුතු කිරීම පවා දන්නේ එහි සම්භාහකයන්ය.
ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසුව ආබාධ තත්ත්වයක සිටි නදීශා දිල්හානි ලේකම්ගේ වෙනුවෙන් ඇයව සුවපත් කිරීමට මෙන්ම තරග නොවැදීම නිසා ඇති වන්නට ගිය ගැටළුවලට මැදිහත් වී විසඳුවේ ද ක්‍රීඩා වෛද්‍ය ආයතනය ය.මලල ක්‍රීඩා සංගමය තරුශි සම්බන්ධයෙන් ඔසාකා හී තරග නො’වැදීම ගැන විනය පරීක්ෂණ කතාවක් පවසා ඇය බේරා ගත් බව පවසා තිබිණ.ස්පාඤ්ඤ තරගයට යාමට පෙර දින ඇයව එම තරග නොවැදීම ගැන ප්‍රශ්න කරන්නට කොළඹට කැඳවා තිබුණේ මලල ක්‍රීඩා සංගමය ය.එය වෙහෙසකර වැඩක් සහ පුහුණුවට බාධාවක් බව දන්වා පැමිණිය නොහැකි බව තරුශි දන්වා සිටියාය.
ඔසාකා හී දී තරුශි කරුණාරත්න උදරාබාධයක් නිසා දැඩි පීඩා වින්දාය.ඒ රාත්‍රියේ ද ක්‍රීඩිකාවට සහ පුහුණුකරුට ජපන් භාෂාව නොදැනීමේ ආබාධයද පැන නැඟී තිබිණ.ඒ තත්ත්වයට විශාල වෙහෙසක් දරමින් මුහුණ දෙන්නට උත්සාහ ගත්තේ ද ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුය.අවසානයේ ආහාර අරුචිය නිසා ශක්තිය අතින් ද පිරිහෙමින් සිටියදී ජපන් බසින් සංනිවේදන කටයුතු කරන්නට සහ සුදුසු ආහාරමය පානයක් ගැන අවබෝධයක් දෙන්නට ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවට සම්බන්ධ ජපානයේ සිටින සුජීව විජේනායක සිය නිවසින් පිටව වෙළද සංකීරණයකට ගොස් ඒ ආහාර ගැන වීඩියෝ දර්ශන හරහා දැනුවත් කරමින් ද,තරුශි අසළ සිටි වෛද්‍යවරුන් සමඟ භාෂා පරිවර්ථතකයෙකු ලෙස කටයුතු කරමින් ද කළ කාර්යය අති මහත්ය.සුජීව සම්බන්ධ කරමින් එහි එක් කොණක මේ සටහන ලියන්නා ද සිටි බැවින් එහි දී ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනය ගත් උත්සාහය ද හොඳින්ම දන්නේය.
දැන් සිඳුව ඇත්තේ ඔලිම්පික් උළෙල කිහිපයකටම ක්‍රීඩකයින් වසර ගණනක් බලා ගන්නා ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරුන් සහ සේවකයින් වෙනුවට ජාතික ඔලිම්පික් කමිටුව වෙනත් පිරිසක් යොදා ගැනීමය.ඒ යොදා ගැනීම නිසාම ජාත්‍යන්තරය හඳුනාගත් වෛද්‍යවරයෙක් මෙවර ස්වේච්ඡා කමිටුවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවම කැඳවා ඇත.මේ පැරිස් ගමණට ජාතික ඔලිම්පික් කමිටුව කර ඇත්තේ ඔහුවම භෞත චිකිත්සකයෙකු ලෙස එකතු කිරීමය.
ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත්ව මෙවැනි සංචාර සඳහා වෛද්‍යවරු ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් පත් කරන්නට මඟ පෙන්වීම් බලපෑම් කිරීම අනවශ්‍යය නැත.අප කිසිවිටෙකවත් ඒ ආකාරයට ජාතික ඔලිම්පික් කමිටුවේ ස්වාධීනත්වයට බාධා ඇතිවන දේ යෝජනා ද නොකරන්නෙමු.එහෙත් රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් වගකීම ජාතික ඔලිම්පික් කමිටුවේ ද අවශ්යයතාවයනම් තීරණාත්මක සංචාර සඳහා සහභාගි වීමේදී ක්‍රීඩකයන්ගේ සෞඛය ගැටළු ගැන දීර්ඝ කාලයක් ඒ සමඟ වැඩ කර පළපුරුදු වෛද්‍යවරු සහ සේවකයන් යොදා ගැනීම වැදගත්ය.
පුහුණුකරුවන් සමඟ සෑම ක්‍රීඩාවකටම කළමණාකරුවන් පත් කර තිබෙන අයුරු අපි එම පත්කිරීම්වලදී දකින්නෙමු.එහෙත් ඒවා පුහුණුකරු සහ කළමණාකරු ලෙස එක් අයෙක් පිට තබා හිස් තැනක් සකසා ඊට භෞත චිකිත්සකවරුන් සහ වෛද්‍යවරුන් යොදවන්නට ඉඩක් නැද්ද යන්න කල්පනාවට ගත යුතුව තිබිණි.මෙවැනි විශාල තරගාවලි පැමිණි විට සිඳුවන්නේ වසර ගණනක් මහන්සි වී දායකත්වය දුන් පිරිස් පසෙක තබා වෙනම පිරිසක් ක්‍රීඩකයින්ගේ අයිතිකරුවන් හැටියට පත්වීමය.ඊට පසුව ඒ වන විට තමන්ගේ යැයි කියා ගන්නා පිරිස්වලට ද අවස්ථා කිහිපයක් වෙන් කර ගෙන සංචාරයක් සිඳු කර පැමිණීමය.
මෙහිදී මේ වන විටත් විදේශ සංචාර සඳහා යාමට අවසර ඇද්දැයි නිශ්චිත නැති අයගේ නම් ද,තරග සංචාරය සඳහා යන නිල මඬුල්ලට යොදා ගෙන ඇති බව ද ආරංචි වේ.සමහර විට මේ පිරිස කණ්ඩායමක් ලෙස පිටත් වීමට යාමේදි ගැටළුකාරී තත්ත්වයක් ඇති විය හැකිය. අවධානමක් සහිත පුද්ගලයින් ඒ කණ්ඩායමේ සිටියහොත් අනවශ්‍ය ප්‍රමාදයන් තුළින් ගුවන් ගමන් පවා වැළකී යන්නට ඉඩ ඇති බවද අපි දුර තියා සිහිපත් කරන්නෙමු.ඒත් වසර හතරකට වරක උදාවෙන මෙවැනි වසන්තයන් විඳින්නට වෙනම සැළසුම් සහිතව පිරිසක් සිටින අතර ඒ පිරිස අතරට අවසානයේ සැළසුමට පිටින් එකතු වන්නේ ක්‍රීඩාවේ දක්ෂයන් සහ පුහුණුකරුවන් පමණි.සැළසුමට අවසානයේ එකතුවන පිරිස මුලදී එකතු නොවීම රටේ ක්‍රීඩාවේ ගැටළුවය.
කෙසේ නමුත් මේ සංචාරයට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනාගෙන් සිව් දෙනෙකුම ඔලිම්පික් සුදුසුකම් ලබා සහභාගි වන්නෝය.ඒ සුදුසුකම ලබා ගැනීම වෙනුවෙන් අදාළ ක්‍රීඩා සංගම්වලට අවශ්‍යය සහයෝගය දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල්වරයා විශාල කාර්යභාරයක් සිඳු කළ බව අපි දනිමු.ඊට ස්තූතිය පළ කරන අතරේ සහභාගිවන ක්‍රීඩකයින් ගැන දීර්ඝ ඉතිහාසයක් දන්න වෛද්‍යවරුන් සහ සේවකයින් නොමැතිව තීරණාත්මක තරග සංචාරයකට පිරිස් නම් කිරීම ගැන අපි අපේ විරෝධයද සටහන් කරන්නෙමු.
www.sportwaynews.com වෙත පිවිස තවත් ක්‍රීඩා තොරතුරු නරඹන්න